
(මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
සිරදඬුවම් නියම වු රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කළ විමසීමකට අනුව නීතීපතිවරයා මේ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස් වන බවද නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.
‘විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතා වරදකරු බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පසුගිය 12 වැනිදා නියම කළේය.
COMMENTS
ඉතා හොඳයි. මෙවැනි අය පාර්ලිමේන්තුවටත් ගන්න එපා.
මේක ශාපයක් වෙනවා. ගැලවීමක් නැහැ...
ලකුණු? මොන ලකුණුද? ආසනය අහිමියි.
නීතීපතිගේ තීරණය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
ලකුණු එපා නීති පොතේ හැටියට කටයුතු කරන්න. දෙන්න පුළුවන් හැම දඬුවමක්ම දෙන්න. අනික් වාචාලයින්ටත් පාඩමක් ඉගෙන ගන්න..
වුවමනා කරලා තිබුණේ මෙයාගේ කට වහන්නනේ.. ඉතින් ඒක තමයි කර ගත්තේ. මීට වඩා හොරුන්ට ඇමැතිකම් දීලා උඩින් තියාගෙන මේ මනුස්සයාව හිරේ දැම්මේ, ප්‍රජා අයිතියත් අහෝසි කරන්න හදන්නේ. වෙන මොන මගුලකටද?
මිනිසෙක් මැරුවොත් පාර්ලිමේන්තුවේ ! අපහාස කලොත් හිරේ ! වනාන්තරයක්ම කැපුවොත් එලියේ ! ගහක් දෙකක් කැපුවොත් හිරේ !
මිනීමැරුම් වලට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබපු අය පාර්ලිමේන්තු එනවා. නමුත් තමන්ගේ මතයක් පමණක් පරීක්ෂා කරලා සිරදඬුවම් බලන කෙනාට එන්න බැහැ.. මහා පුදුම නීති අපේ රටේ තියෙන්නේ.. කවුද මේවා සම්මත කළේ?
දූෂිතයෙක් තවත් කෙනෙකුට දූෂිතයෙක් කියන්නේ කොහොමද?
රන්ජන් කියූ කතාව ඇත්ත කියලා ඔප්පුවෙන්න වෙනත් හේතු ඕනෑ නැහැ. මේකෙන්ම ඔප්පු වෙනවා. මරණීය දණ්ඩනය නියම වෙච්ච කෙනා පාර්ලිමේන්තු එනවා. ඇත්ත කියපු කෙනා හිරේ දානවා.
මේ වගේ අසාධාරණ තීන්දු වලටත් සපෝර්ට් කරන රාජපක්ෂ වහල්ලු තාම ඉන්න එක තමයි පුදුමේ. හැමෝටම අධ්‍යාපනය දෙන්න ඕනේ කියන්නේ මේකයි. නැතිනම් ජීවත් වෙනකොට මෝඩයින් වෙනවා.
රට පෙරට... පුතාණෝට මාකටින් පාරක්. ඕවා දැන් පරණ සූත්තර. ඕවාට දැන් අහුවෙන්නේ නැහැ. අනික රන්ජා කරපු වැරැදි පේන්නේ නැත්තේ එජාප වහලෙක් නිසයි.
අපිටත් දවසක හඳ පායනවා.
සිනමාවයි, දේශපාලනයයි පටලවාගෙන... වාචාලකමට බිරුවට මෙම දඬුවම හොඳ වැඩියි.. කාට කිව්වට කෝ එක හොරෙක්වත් අල්ලලා දුන්නද?
මොන ආණ්ඩුව ආවත්, එම ආණ්ඩුවේ කෙනෙක් සිර දඬුවම් විඳින කොට නිදහස් කර ගන්නවා. මතකද යහපාලනය කාලේ රවී කරුණානායක අවුරුදු ගාණක සිට තිබුණු ඩොලර් වංචා නඩුවෙන් නිදොස් කොට නිදහස් කරපු හැටි..