IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යුද හමුදාපතිට නොතීසි

(සිරාජ් හසීම්)
 
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද (15) නියෝග කලේය.
 
1996 වසරේ ජූලි 19 වැනි දින යාපනය නාවක්කුලි ප්‍රදේශයේදී යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත්  දෙමළ තරුණයින් 24  දෙනෙකු අතුරුදහන් වූ බව කියන සිද්ධියේ නඩු විභාගය අද (15) මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැණිනි.
 
මෙම 24 දෙනා අතරින් 12 දෙනෙකුගේ අතුරුදහන් වීම් පිළිබඳ ගොනුකර තිබූ පෙත්සමේ  නඩුව යාපනය මහාධිකරණයේදී පසුගිය 9 වැනිදා සිට විභාගයට ගැණුනේ නීතිපතිවරයා නම්කල විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය.
 
2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනුකල මෙම පෙත්සමේ මූලික විභාගය චාවකච්චේරි  මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කර අවසන් කිරීමෙන් පසු පසුගිය සතියේ සිට මහාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.
 
මෙම නඩුව සඳහා  නීතිපතිවරයා  විත්තිකරුවන්  තිදෙනෙකු නම් කර ඇති අතර එම නඩුවේ වැඩිදුර විභාගය සඳහා හමුදාපතිවරයා හට නොතීසි නිකුත් කර ඇත.
 
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 18 වැනිදාට කල්දැමූ විනිසුරුවරයා මෙදිනට හමුදාපතිවරයා අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි  නියෝග කලහ.
 
මෙම නඩුව ලබන ජනවාරි 28 වැනිදා යලි කැදවීමට නියමිතය.



අදහස් (8)

යුද හමුදාපතිට නොතීසි

අනුර ඉලන්කෝන් Wednesday, 15 November 2017 05:25 PM

යුද හමුදාපති අධිකරණය හමුවට පමුණුවනවා සේම හමුදා කඳවුරු ඉඳිරිපිට කලහකාරී ලෙස හැසිරෙන කලහකාරීන්ද අධිකරණය හමුවට පමුණුවන්න.

:       0       203

ජයවීර Wednesday, 15 November 2017 11:34 PM

යාපනේ උන් විතරයි අතුරුදහන්. එතකොට දකුණේ අතුරුදහන් වූ දහස් ගණන් හමුදාවේ කොල්ලො ගැන කෝ කතාවක්?

:       1       137

Nimal Thursday, 16 November 2017 01:00 AM

ඔබට සතුටුයිද දැන්.............

:       142       448

peter Thursday, 16 November 2017 03:48 AM

1996 ජනවාරි අග මහ බැංකුවට බෝම්බ තියලා සිවිල් වැසියෝ සිය ගනණක් මරාදැමුවා ඒකට සම්බන්ධ උනුත් දැන්නිදහස් කරලා නැත්නම් නිදහස්කරන්න ඉල්ලලා ආණ්ඩුව ඉතා කරුණාවෙන් ඒගැන සළකනවා, මුන්කොටි බවට දෙකක් නෑ යුද්දය නිසා හමුදාවෙනුත් මැරුනා කොටිත් මැරුනා ඊට වඩා දෙයක්නෑ, ආනාගතයේදී මෙවෙනි උත්සාහ නොදැරීම හැමට යභපත් වේ

:       1       100

Jana Thursday, 16 November 2017 04:22 AM

පහුගිය දවස්වල ඉලංචේලියන් මහත්තයට නූල් බැඳපු, හොඳ කියපු අයට දැන්නම් එතුමා ටිකක් විතර අප්සට් වෙයි වගේ..

:       124       27

හන්තානේ සුධම්ම හිමි Thursday, 16 November 2017 05:17 AM

විනිසුරුතුමා හරිම ආදර්ශමත්. එතුමා වැනි අය අපේ අධිකරණ පද්ධතියට අවශ්‍යයි.

:       123       179

darshana Thursday, 16 November 2017 07:36 AM

ඒකාබද්ධ විපක්ෂයේ ඊළඟ රැස්වීමට පංකාදු මාතෘකාවක්. සරත් ෆොන්සේකා මහතා හිරේට දැම්මට අරයා දැන් මෙහෙම කියයි. " අපේ හාමුදුරුවනේ දැන් අපේ යුද හමුදාපතිවත් හිරේ දාන්න යන්නේ ත්‍රස්තවාදය අවසන් කලාට" මගෙන් පලිගත්තට කමක් නැහැ. නමුත් රණවිරුවන්ව පාවා දෙන්න එපා"

:       203       129

prakaash Thursday, 16 November 2017 11:25 AM

මේ පින්ගුත්තරයින් නිසා තමයි අද රණවිරුවන්ට මෙවැනි දේට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපුරු නිවට සංහිඳියාව තමයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 35 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 926 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1708 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1918 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 989 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 932 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site