IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

විසි වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් සලකා බැලීමේදී අධිකරණය තීරණය කළ යුත්තේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුද නැද්ද යන්න පමණක් බවත් නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව ගොනු වී ඇති පෙත්සම් විභාගයේදී  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (02) කරුණු දැක්වූ දප්පුල ද ලිවේරා මහතා මෙම සංශෝධනයෙන් සිදු කර ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබූ සමහර ප්‍රතිපාදන යළි ස්ථාපිත කිරීම පමණක් බවත් ඒ අනුව යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාව බවත් වැඩිදුරටත් කියා සිටියේය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ ජනතාවගේ ස්වෛරීභාවය වැඩි කිරීම යැයිද දප්පුල ද ලිවේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හා පක්ෂව ගොනු කළ සියලු පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගය ගැනුන තෙවැනි දිනය විණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන ,  සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණුනි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙසේද කීය.

“විසි වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් සලකා බැලීමේදී අධිකරණය තීරණය කළ යුත්තේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුද නැද්ද යන්න පමණයි. මෙම සංශෝධනයෙන් සිදු කර ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබූ සමහර ප්‍රතිපාදන යළි ස්ථාපිත කිරීම පමණයි. ඒ අනුව යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි.

උදාහරණයක් ලෙස සඳහන් කළහොත් සශෝධන පනත් කෙටුම්පතේ 5 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයාගේ මුක්තිය යළි පිහිටුවා තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට හිමිවූ මෙම මුක්තිය මෙරට ජනාධිපතිවරුන් කිහිපදෙනෙක් විසින් භාවිතා කරනු ලැබුවා.

ජනාධිපතිවරයාට හිමිවූ මෙම මුක්තිය  මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් යළි පිහිටුවීම සිදු කරනු ලබනවා. ජනාධිපති හා අමාත්‍ය මණ්ඩලය සතු විධායක බලය 1978 ව්‍යවස්ථාවෙන් තිබූ දේවල්.
ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය මඟින් ජනතාවගේ ස්වෛරීභාවය කියැවෙනවා. 20 වැනි සංශෝධනයේ මූලික අරමුණ ජනතාවගේ ස්වෛරී බලය වැඩි කිරීමයි.

මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි , නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන  මහතා මෙසේද කීය.

පෙත්සම්කරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාය. නීතිය පිලිබද මහාචාර්යවරයෙක්. මෙම පෙත්සම ඉදිරිපත් කළේ රටේ ජනතාව වෙනුවෙන්. පෙත්සම්කරු කලක සිට මෙරටේ දේශපාලන සහ සමාජ නීති සංවර්ධනය පිලිබද වසර ගණනාවක සිට අධ්‍යයනය කරමින් සිටින අයෙක්..

ඊට අමතරව පෙත්සම්කරු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන අඩුපාඩු පිලිබදව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය වෙත කරුණු දැක්වූ අයෙකුද වෙනවා.. ඊට අමතරව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන උප කමිටුවේ සභාපති ධූරයද හෙබවූවා. ඊට අමතරව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබද අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේද සභාපති ධූරය ඉසුලනු ලැබුවා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනතාවට රටෙහි පාලනයට අහිතකර වගන්තීන් මෙම විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරනු ලැබ තිබෙනවා. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය , ජනතාවගේ නිදහස , ඒ වගේම අයිතීවාසිකම්ද තහවුරු වෙනවා.

විධායක ජනාධිපතිවරයා සතු බලය උපයෝගී කර ගෙන රටෙහි කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය කළා. ඒ වගේම එහිදී ජනාධිපතිවරයා විධායක බලය උපයෝගී කර ගෙන හමුදාව , පොලීසිය , සෞඛ්‍ය අංශ විසින් එම වසංගත තත්ත්ත්වය මනාව පාලනය කරනු ලැබුවා.

20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් වලින් ඉල්ලා ඇති සහන ලබා දුන්හොත් රටේ ජනතාවටත් අප්‍රතිකාරී හානියක් සිදු වෙනවා. 19 වැනි සංශෝධන ජනමත විචාරණයකට යොමු කළේ නැහැ. ඒ නිසා 20 වැනි සංශෝධන ජනමත විචාරණයකට යොමු කළ යුතුත් නැහැ.
2001 වසරේ සිදුවූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධන පෙත්සම් විභාගයේදී ලබා දුන් තීන්දුවෙන් තහවුරු වී තිබෙනවා. ඒ නිසා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරය පමණක් ඇති බවට තීන්දු කරන ලෙසයි.

පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ඇතුළු අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා මෙසේද කීය.

“19 වැනි සංශෝධන අවුල් සහගත සංශෝධනයක්. මේ තුලින් ජනාධිපතිවරයාත් සහ පාර්ලිමේන්තුවත් අතර ගැටුමක් ඇති වුනා. එම තත්ත්වය ඉවත් කිරීමටයි 20 වැනි සංශෝධනය ගෙන ආවේ. ඒ නිසා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ගොනු කර ඇති පෙත්සම් ඉවත දමන ලෙසට.

වයඹ විශ්ව විද්යාලයේ පශු සම්පත් අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්ලිව්.ඒ.ඩී.වී.වීරතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතා මෙසේ කීය.

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට ජනතාවට සහ ජාතියට සිදුවූ හානිය ඉවත් කිරීමේ අරමුණෙන් මෙම 20 වැනි සංශෝධන ගෙන ආවා. 20 වැනි සංශෝනය මගින් ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් පුළුල් කිරීමක් සිදු වෙනවා. ඒ වගේම රටේ යම් ක්‍රමවත්වීමක්ද ඇතිවන බව සදහන් කළ යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“මීට පෙර අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් ගේ දේශන සමග මම එකග වෙනවා. මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාවේ මූලික රාමුව කිසිම ආකාරයකින් වෙනස් වන්නේ නැහැ. එම සංශෝධන මගින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු ප්‍රතිපාදනයන් යළි තහවුරු වෙනවා. ඒ වගේම ජනතාවගේ අයිතිවාසිකම් පුළුල් වෙනවා යැයිද ජනාධිපති නීතීඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.

නීතීපතිවරයා ගේ වැඩිදුර කරුණු දැක්වීම සඳහා පෙත්සම් විභාගය ලබන සඳුදාට (05) කල් තැබිණි.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එැබැවින් එම කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික, මහාචාර්ය රත්නජීවන් හූල්, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සමගි තරුණ බලගවේගයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, නීතිඥ ඉන්දික ගාල්ලගේ, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචිකරුවෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, සමගි තරුණ බලවේගයේ සාමාජිකයින් වන ලිහිණි ප්‍රනාන්දු සහ රසික ලක්මාල් ජයකොඩි,  සිරිලක ජනතා පෙරමුණ වෙනුවනේ නීතීඥ පී.ලියනාරච්චි, නීතීඥවරුන් වන නාමල් රාජපක්ෂ , අචලා සෙනවිරත්න වන මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරුන් 20 ක්ද , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, එරික් සේනාධිරත්න බාලසූරිය ,ආරිෆ් සම්සුදීන් ඉබ්‍රාහිම් ලෙබ්බේ හාජ්ජියාර් යන නැමැත්තන් ඇතුළු පාර්ශව 39 ක් මෙම විශේෂ පෙත්සම් ගොනු කළහ.

මෙම සියලු පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි.

එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවය.

එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම් මඟින් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ගොනු කර ඇති විශේෂ පෙත්සම් වල වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ රජය විසින් ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට ඇතුළත් කළ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්රම ව්‍යස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදනද බරපතල ලෙස උල්ලංඝනය කරන වගන්තීන් ඇති බවය.
 
එම පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන බවත්, එමගින් පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය අහිමිවීමක් බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.

පනත් කෙටුම්පතේ 16 වැනි වගන්තිය මඟින් පාර්ලිමේන්තුව මඟින් ප්‍රතික්ෂේප කළ කෙටුම්පතක් ජනාධිපතිවරයාට ජනමත විචාරණයකට යොමු කිරීමට බලය ලැබෙන අතර, පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය අනුව අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයාට හිමිවන බවද එම පෙත්සම් වල සඳහන් වේ. ඊට අමතරව පනත් කෙටුම්පතේ 25 වැනි වගන්තිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ පූර්ණ බලයද ජනාධිපතිවරයාට හිමි වන බවද එම පෙත්සම් වල වැඩිදුරටත් සඳහන් විණි.

මෙම පනත් කෙටුම්පතෙහි 5 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ බලය අහිමි කිරීම, 9 (1) වගන්තිය අනුව ද්විත්ව පුරවැසියෙකුට රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම ද සිදුව වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වල සදහන් කළහ.

මීට අමතරව පනත් කෙටුම්පතේ 32, 33, 34, 35, 36, 37 සහ 38 යන වගන්තීන් මඟින් විගණන සේවා කොමිෂන් සභාව ඉවත් කර ඇති අතර මෙමඟින් මහජනතාවගේ මුදල් පාලනය කිරීමට ඇති බලයට බලපෑම් ඇති වෙන බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

මෙම පනත් කෙටුම්පතෙහි 40 වැනි වගන්තිය මඟින් පාර්මේන්තුවේ බලය අඩු කර ඇති අතර එමඟින් ජනතාවගේ පරමාධිපත්‍ය බලපෑම් ඇතිවේ. එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් , ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

 



අදහස් (16)

යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි

de silva Friday, 02 October 2020 03:07 PM

ඔය කියන 78 වැනි ව්‍යවස්ථාව ඒපා කියමින් 90 දශකයේ පාරවල් දිගේ ඉබාගාතේ ඇවිදපු කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලකයන් නැවත එ්කම ඉල්ලන එක දෛවයේ සරදමක් නෙවේද? 

:       9       62

samanSaturday, 03 October 2020 01:29 PM

අපි ගෝඨාභය ජනාධිපති කළෙමු. ලක්ෂ 69ක් ඔහුට ඡන්දය දුන්නෙමු. කවුරු මොනවා කිවත් පාර්ලිමේන්තුවේදී 20 අපි සම්මත කර ගන්නෙමු.

:       1       0

liyanage Saturday, 03 October 2020 03:07 PM

20 වන සංශෝදනය සම්මත කිරීමට සුළුජාතික පක්ෂ රජයට එක්ව හෝ ඔවුන්ගේ පක්ෂවල සිට සහය දෙනු ඇති බව කියවේ. පොහොට්ටුවේ කණ්ඩායම් මොනවා කීවද 20 ට සුළුජාතික පක්ෂවල සහයෝගය ලබාගත යුතුවේ. ජාතිවාදය ඉදිරියට දමා දේශපාලනය කිරීම නිසා රටට සිදුව ඇති හානිය ඇති විශාලය. ඔවුන් රජයේ සිටියද නැතිද ප්‍රස්නයක් නොමැත.

:       0       1

ජයම්පතිSunday, 04 October 2020 06:50 AM

ජේ ආර්ගෙ සාපය කිය කිය හිටපු අය නෙද? හැබැයි 78 ව්‍යවස්තාවෙ ආණ්ඩුවෙ හැම අංශයක්ම විගණන කරන්න බලයක් තිබුනනෙ.

:       1       1

Rata Perata Friday, 02 October 2020 03:34 PM

1978 ව්‍යවස්ථාව එපා කියලා නේද මේ හැම කෙනෙක්ම බලයට ආවේ...? විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ.. මේ නම් පුදුම කාලකණ්ණි රොත්තක්... දප්පුලයත් වාසි පැත්තට තප්පුලනවා. ජනතාවට වගකියන ව්‍යවස්ථාවක් වෙනුවෙන් හැමෝම පාරට බැසිය යුතුයි.

:       17       51

Perera Friday, 02 October 2020 07:00 PM

ජනතාවගේ ස්වරීභාවය කොයි හැටි වෙතත් 20 සම්මත වුනොත් ජනතාවගෙන් රජයට තියෙන වෛරීභාවය නොබෝ දිනකින් දැනෙනු ඇත.

:       4       21

Praja Friday, 02 October 2020 09:19 PM

හොරු සමග හෙළුවෙන්... අනේ අපේ රට.

:       2       26

dhamneth Saturday, 03 October 2020 01:44 AM

1978 ව්‍යවස්ථාවෙන් කිසිම ආයතනයක් විගණන කටයුතුවලින් ඉවත්කරන්න කියලා නැහැ නේද.?

:       2       25

rihan Saturday, 03 October 2020 03:46 AM

බැලිනම් ඔක්කොම එකයි, දාලා තියෙන වෙස් මුහුණ විතරයි වෙනස්

:       2       23

Praja Saturday, 03 October 2020 06:24 AM

ගොනා හැරෙන්නේ පොල් පැලේට තමයි.. දෙවියනි, ඔබ කොහිද?

:       2       11

pjSaturday, 03 October 2020 10:23 AM

දැන් දෙවියො නැහැ. මේ බමුණන්ගේ කාලයයි.

:       0       12

Ashan Saturday, 03 October 2020 06:36 AM

20 ට කඩේයන ලැජ්ජා නැති අය රටේ අනාගතය වනසනවා. මැරෙන්න පෙර ඒවාට වන්දි ලැබේවි

:       2       13

kamala Saturday, 03 October 2020 09:49 AM

17ට අත උස්සපු අයම 18ට අත ඉස්සුවා. ඊට පස්සේ 19ට අතඋස්සපු අය දැන් 20ට අත උස්සන්න තෙපරබානවා. මෙයාලා රටට ආදරේ අයද?

:       2       11

Champa Saturday, 03 October 2020 11:09 AM

20 එන්නත් ඉස්සර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරාගෙන..

:       2       11

rocky Sunday, 04 October 2020 01:52 AM

ව්‍යවස්ථාවත් සංශෝධනවත් ඔය මොකවත් ඕන නැහැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 875 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 493 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 424 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 701 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 320 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 169 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site