(ඉන්දික අරුණ කුමාර)
පවත්නා වියළි කාලගුණයත් සමඟ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මොරගකන්ද ආශ්‍රිත රක්ෂිත කැලෑ ගිනි තැබීම් ඉහළ ගොස් තිබේ.
මේ වන විටත් නාඋල කිරිවානාසල්ලිය කන්ද, මොරගහකන්ද ජලාශ රක්ෂිතය, දෙකේ කව කරවිලහේන ප්‍රදේශය ආදී ප්‍රදේශ රැසක ගිනිගැනීම් සිදුව ඇති බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියේය.
ගිනි ගැනීම් හේතුවෙන් මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ අලුතින් වගා කර ඇති වන වගාවෙන් පැළ 26,000 පමණ මේ වන විට විනාශ වී ඇති බව ව්‍යාපෘති කාර්යාලය කියයි.
එහි මහජන සම්බන්ධතා නිලධාරි පි.ජි. දයානන්ද මහතා කියා සිටියේ මොරගහකන්ද නැරඹිම සදහා පැමිණෙන පිරිස් අතරින් කිසියම් කණ්ඩායමක් මෙම ගිනි තැබිම් සිදුකර ඇති බවයි. වසරක් පාසා ඉවක් බවක් නොමැතිව සිදුකරන වනාන්තර ගිනි තැබීම් හේතුවෙන් මේ වන වන විටත් දිය උල්පත් සිදී යෑම්,ජෛව විවිධත්වයට බලපෑම් මේන්ම දුර්ලභ සත්ව විශේෂ වදවීම් වැනි ගැටළු රැසක් මේ වන විට සිදුව ඇතැයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේය.


COMMENTS
මේ අමනුෂ්‍යයින්ට අවම වසර 10කට නොඅඩු සිර දඩුවමක් හෝ ඔවුන්ගේ වියදමෙන් හා ශ්‍රමයෙන් ඒ විනාශ කළ භූමි ප්‍රදේශ පුරා නැවත ගස් සිටුවීම සිදු කල යුතුයි. බඩගින්නට අල්ලපු වත්තේ අඹ කඩපු මනුස්සයෙක්ට ක්‍රියාත්මක කරන නීතිය මේ පාපතරයින්ට වහා ක්‍රියාත්මක කල යුතුයි.
මේ මෝඩ මිනිස්සු කරන්නෙ අපි හැමෝගෙම ගෙවල්වලට ගිනි තියනව වගේ අහස පොලොව නුහුලන මහා අපරාධයක්.
තව ගිනි තියපල්ලා උඹලට උඹලගේ දරුවනට අනාගතේ වහ තමා බොන්න වෙන්නේ රටේ නායකයෝ ඉන්න බුරුවො වගේ නිලධාරීන්ට එහා උන් හොයන්නේ කොහෙන්ද මඩිය පුරෝ ගන්නේ කියල මේ වනාතර අවට ඉන්න ජනතාව නොදැන මේ කිසිම දෙයක් කරන්න බැහැ මේ ගිනි තැබීම් කරන්න මේ අවට ඉන්න ජනතාවමයි උන්ගේ පෞද්ගලික උවමනාවන් සඳහා තමා මේ ගිනිතියන්නේ සමහර උන් දඩයක් කරන්න තව උන් හේන් කොටන්න මුන් ජලපෝෂක ගිනිතියල හේන් කොටලා වැස්ස නැතුව හෙන පලු උනාම රජයෙන් වන්දි ඉල්ලා පාරේ කෑගහනවා ලංකාවේ ලැවුගිනි ඇතිවෙන්නේ නැහැ මේවා කරලා ගොවිතැන් පාලු උනා කියල මේ වැසි වනාන්තර හෝ ජලාශ වල ජාල පෝෂක වලට ගිනි තැබීම වෙනුවෙන් අවට ඉන්න ජනතාව වහාම අත්අඩංගුවට ගැණිය යුතුය...... නැතිනම් මේ ප්‍රදේශ වලින් කිලෝමේටර් බාගයක් දුරට සියලු සිවිල් ජනතාව ඉවත් කරලා හමුදා ආරක්ෂාව යොදවන්න ඕනේ මේක දැන් සෙල්ලමක් වෙලා ඒක ඒක උන්ට ඕනේ ඕනේ වෙලාවට රටේ වනාතර ගිනි තියන්නයි විනාශ කරන්නයි පටන් අරන්න රටේ පාලකයෝ මීහරක් වාගේ බලා ඉන්නවා ඡන්දෙ නැති වෙයි කියල