IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මීගමුව මහ රෝහලට ඩයලොග් වෙතින් දැඩිසත්කාර ඒකකයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුවකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරන ලදී.

ඩයලොග් සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 20ක් පරිත්‍යාග කිරීමේ ආරම්භය ලෙසින් මෙලෙස මීගමුව මහ රෝහලේ නව දැඩි සත්කාර ඒකකය පරිත්‍යාග කෙරිණි.

මෙය වෛද්‍ය සැඩි සත්කාර ඒකකයකින් සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින් සමන්විතය. මෙම දැඩි සත්කාර පහසුකම් ස්ථාපනය කිරීම මගින් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අවස්ථා දිගුකාලීනව ඉහළ නැංවීම මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පීඩනය අවම කිරීමටත්, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමටත් මහෝපකාරී වනු ඇත.

මීගමුව මහ රෝහලට දැඩිසත්කාර ඒකකයක් ලබාදීම වෙනුවෙන් ඩයලොග් ආයතනයට රජයක් වශයෙන් ස්තූති වන්ත වන බවත්, කොරෝනා සහ ඩෙංගු ආසාධිත රෝගීන් බේරා ගැනීමේ ප්‍රධාන රෝහලක් ලෙස මීගමුව මහ රෝහල නම් කරන බවත්, මෙම උදාර මෙහෙවරට සම්බන්ධ සියලු දෙනාටම ස්තුතිය සහ ගෞරවය පුදකරන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. එච්. මුණසිංහ මහතාද සහභාගි විය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 20ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළ යටතේ මීගමුව මහ රෝහලට දැඩිසත්කාර ඒකකයක් මසකටත් අඩු කාලයකදී සාදා නිමකිරීම පිළිබඳව තමා බෙහෙවින් සතුටු වන බවත්, එමගින් කොරෝනා රෝගීන්ටත්, අනෙකුත් සියලුම දැඩිසත්කාර රෝගීන්ටත් දිගුකාලීන අඛණ්ඩ වෛද්‍ය සේවාවක් ලබාදීමට හැකි බවටත් අපේක්ෂා කරන බවයි.

මෙහි දෙවැනි අදියර ලෙස හෝමාගම මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය ස්ථාපනය කිරීමට නියමිතය.

 



අදහස් (1)

මීගමුව මහ රෝහලට ඩයලොග් වෙතින් දැඩිසත්කාර ඒකකයක්

de silva Monday, 01 June 2020 02:08 PM

ඔය මොනවා තිබුණත් වැඩක් නැහැ.. අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු සහ හෙදියෝ නැතිනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site