IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

ක්වාලාලම්පූර්හිදීය
 
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක්ෂ 28.7ක්) ද වන බව එරට ‘ස්ට්‍රේට්ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය අද (17) වාර්තා කළේය.
 

දූෂණ චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ ඔහුට සම්බන්ධ තවත් ස්ථාන හයක් ඊයේ (17) සහ පෙරේදා (16) දිනවලදී පරීක්ෂාවට ලක්වූ අතර අද (18) ‘තමන් දූතා’ සුඛෝපභෝගී මන්දිරියේ හිටපු අගමැතිවරයාට අයත් නිවාස සංකර්ණයක් පොලිස් පරීක්ෂාවට ලක්විය. 
 
එම මන්දිරයේ තිබී මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ ඔරලෝසූ බහාලූ පෙට්ටි 284ක් සහ මුදල් බහාලූ බෑග් 72ක් පොලිස් භාරයට පත්විය. 
මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් කරනු ලැබ තිබෙන අතර මැලේසියාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ බව මැලේසියානු පොලිසිය සඳහන් කළේය.  
 
හිටපු අගමැතිවරයා විසින්ම ආරම්භ කරනු ලැබු ‘1 මැලේසියා ඩිවලොප්මන්ට් බර්හාඩ්’ රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට ඔහුටම චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි. 
 
හිටපු අගමැතිවරයාගේ බිරිඳ එම අරමුදලේ මුදල්වලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 23ක් වටිනා රෝස පැහැති දියමන්තියක් මිලදී ගත් බවට ද චෝදනා එල්ල වී තිබේ. 
 
මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ අනෙකුත් දෑ භාවිතය සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයාගේ බිරිඳ ප්‍රසිද්ධියක් ඉසිළු අතර පොලිස් භාරයට පත්වූ බොහෝ දෑ ඇයට අයත් බව ද පැවසේ. 
 
විදෙස් වාර්තා ඇසුරිනි 
 
055



අදහස් (28)

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

saman Friday, 18 May 2018 02:37 PM

ලංකාවේ සල්ලිත් තිබුණලුද? පව් අසරණයා

:       0       28

SayimonSunday, 20 May 2018 12:35 AM

අර රුපියල් 100 ගානේ එකතුකරපු හාදයා ගිහින් දුන්නද දන්නේ නෑ..........................

:       2       0

Raveendra Friday, 18 May 2018 02:42 PM

ඒ හාදයා අපේ අම්බරුවෙක්ගෙන් අතමාරුවක් ගන්න ඇති පස්සේ දෙන්නම් කාසිවලට..... දැන් ලංකාවාසින් හට ඇසින් දුටුවා සේ අනේකවිධ නාට්‍ය පිටපත්, චිත්‍රපට දැක ගැනීමට හැකිවෙයි.

:       85       233

Don Friday, 18 May 2018 03:10 PM

අපිට සොයාගන්නට අවශ්‍යයි ලංකාවේ සල්ලි ඔහුට දුන්නේ කවුද කියා?

:       117       271

gayan Friday, 18 May 2018 03:21 PM

තව ටික දවසකින් කියාවි මේ සල්ලි රාජපක්ෂගේ සල්ලි කියලා කට්ටියම...

:       211       143

shirani gallallaFriday, 18 May 2018 06:39 PM

වෙන්නත් පුළුවනි

:       1217       625

mennaSaturday, 19 May 2018 02:15 PM

ලැජ්ජයි ලක්ෂ 28ද දීලා තියන්නේ...?

:       1       0

nuwan Friday, 18 May 2018 03:41 PM

කව්ද ඉතින් සමකාලින ලාංකික නායකයෙක් තමයි.

:       17       1024

rohana kumara mendis Friday, 18 May 2018 03:45 PM

අර අපේ උන්නු රෙජීමයේ කට්ටිය වගේ. පුදුම ගැහිල්ලක්නේ ගැහුවේ.. සහෝදර සමාගම ඇතුළු ඇමැති මණ්ඩලය, මන්ත්‍රීවරු එහෙම...

:       4511       1152

w.g.jayatgissa Friday, 18 May 2018 04:00 PM

ඕවත් හොඳ වැඩද?

:       4       0

Siri Friday, 18 May 2018 05:17 PM

අර අහුවෙන්න යන වෙලාවේ ෂුවර් එකට එයාට ගෙනිහින් දෙන්ට ඇති අපේ කව්රුහරි.

:       400       222

සතයපාල Friday, 18 May 2018 05:46 PM

දැන් බලන් ගියාම එහෙත් මෙහෙ වගෙමයි.

:       1       253

Nalaka Friday, 18 May 2018 09:57 PM

මහතීර් වගේ දුෂණය නැතිකළ නායකයෙක් ආවම මේවා හොයල ඇල්ලුවට අපේ නායකයෝ නම් දුෂණයට පක්ෂයි.

:       0       46

de silva Friday, 18 May 2018 10:45 PM

එතුමාට කියන්න තිබෙන්නේ මේ සල්ලි ගැන මම මුකුත් දන්නේ නැහැ, අපි හොඳ විවාහ ජිවිතයක් ගත කරනවා නමුත් මේවා සමහරවිට මගේ භාර්යාවට කවුරු හරි ලංකාවෙන් අපු කෙනෙක් තෑගි දුන්න දෙයක් වෙන්න පුළුවන්, , එහෙමත් නැත්නම් ලංකාවෙන් අාපු කව්රුහරි මුදලාලි කෙනෙක් එයාගේ සල්ලි ගෝනි වාහනේට පටවනකොට අමතක වෙලා මේක දමල යන්න ඇති ,ලංකාවේ සල්ලි පමණක් නොව අලිපැටවුනුත් පන්සල් ඉස්සරහ අමතක වෙලා දමල යනවා කියල

:       837       1093

chris Friday, 18 May 2018 10:47 PM

මෙහෙ දේශපාලකයන්ගේ ගෙවල් පරීක්ෂා කලොත් ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ .

:       0       508

jiwanSaturday, 19 May 2018 03:41 AM

අනිවාර්යයෙන්ම... මහබැංකුව කඩපු අයගේත් සොයා බලන්න ඕනේ. ගෙවල් නෙමේ ගිණුම්...

:       7       148

Jehaan Saturday, 19 May 2018 12:08 AM

ආආ බය වෙන්න දෙයක් නැහැ , ඩේසි ආච්චි ගෙන් ලැබුනා කියලා ඇඟ බේරා ගන්න . එච්චරයි.

:       994       702

ලෙස්ලි හර්බට් විජේසිංහSaturday, 19 May 2018 02:44 AM

මැලේසියාවේ ඩේසි ආච්චිලා නැහ පාතිමා ආච්චිලා නම් ඉන්නවා ලෙස්ලි හර්බට් විජේසිංහ

:       7       238

Chandima Saturday, 19 May 2018 03:40 AM

අනේ අම්මපා ඔහෙලා හුඟ දෙනෙකුට දැන් අර අර්ජුන මහේන්ද්‍රන් හවුල්ද? නැද්ද? කියලා හිතුනෙම නැහැ නෙව... අර රාජපක්ෂවම කන්න හදන්නේ.

:       8       279

Samathasena A . Aluthgama Saturday, 19 May 2018 03:54 AM

මෙම සිද්ධියේදී අපගේ මුදල්ද ගෑවීමක් තිබෙනා බැවින් එරට පොලීසියෙන් තොරතුරු ගෙන වහාම ක්‍රියා කිරීම වැදගත්. පක්ෂ, පාට, පක්ෂ, විපක්‍ෂ ආදී දේ ගැන නොසිතා අපේ රටේ අය මෙයට සම්බන්ධ නම්, ඔවුන්ට වහාම නිසි දඬුවම් හිමිවිය යුතුයි.

:       0       66

nihal perera Saturday, 19 May 2018 08:03 AM

දඬුවම් දෙන්න පුළුවන් නම් හොඳයි ඒත්... ප්‍රශ්නය තියෙන්නේ කවුද දඬුවම් දෙන්නේ සහ කාටද දෙන්නේ? කියන එකනේ...

:       0       3

Samira Saturday, 19 May 2018 09:20 AM

මොන කෙහෙල්මලකට බිබික්කන් කන්නද?

:       0       3

bandula Saturday, 19 May 2018 10:04 AM

මැලේසියාවේ අයට රුපියල් කන්නද? ඩොලර් නම් කමක් නැහැ.

:       0       0

sampath Saturday, 19 May 2018 11:37 AM

ලක්ෂ 28ක් හොයන්න මැලේසියා යන්න කීයක් වියදම්ද? ඔන්න ඕවා අත්ඇරලා දාලා අපේ වැඩක් අපි බලාගනිමු. වෙහෙර ගිල්ල කෙනාට‍ අග්ගලාවත් කජ්ජක්ද ඇහුවලු..

:       0       1

RuwanSaturday, 19 May 2018 02:01 PM

ඔව් ඔව් ලක්ෂ විසි අට හොයන්න අපේ බූරුවෙක් ගියොත් ලක්ෂ පනහක ශෝපිං කරලා එයි.

:       0       39

Mahinda Saturday, 19 May 2018 11:55 AM

එහෙ ගිහිල්ලා හංගලා ඇති. දැන් මෙහෙ බඩේ අමාරුව තියෙන අය කව්ද කියලා හොයන්න පුලුවන් නම් හරි...

:       0       0

w.g.jayathissa Saturday, 19 May 2018 03:41 PM

ඕන එකක් වුනාවේ

:       0       0

de silva Saturday, 19 May 2018 09:11 PM

මේකට අනිවාර්යයෙන් අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ නැහැ. මොකද එයා හොරකම් කරනවා නම් හොරකම් කරන්නේ මිලියන 2-3 නොව මිලියන 100 සිට ඉහළට... මෙවැනි සිල්ලර වැඩ එයා අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ. අනිත් එක යුරෝපීය ඇඳුම් කට්ටලයක් ඇදගෙන එක ටෙලිෆෝන් පණිවිඩයෙන් කෝටි කිහිපයක් හොරකම් කරන්න පුළුවන්කම තියාගෙන මේවගේ වැඩ කරන්නේ නැහැ. සමහර විට අර අපේ මුකුත්ම නොදන්නා ඇමති එහෙ ගිය වෙලාවේදී නෝනා දුන්න පොකට්මනි ටික අමතක වෙලා එහෙ දමලා ආවද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 35 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 922 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1703 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1913 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 987 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 930 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site