(කටුනායක ටී.කේ.ජී.කපිල)
එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙයින් පළමු වැන්න ඊයේ (03) රාත්‍රී 11.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පසුව අද (04) අලුයම 1.45ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 10 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැද පෙරදිග සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 17 ක් එති
de silva Saturday, 04 July 2020 08:13 AM
10 දෙනෙකු පමණක් ගෙන්වන්නේ කුමටද? ඔය ගුවන් යානාවක 300කට විතර ඉඩ තියෙනවනේ.. ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නෙත් 192කි. රෝහල්වලත් ඉඩතියාගෙන ජීවිත අනතුරේ වැටිලා දුක්විඳින අපේ පුරවැසියන්ට මොකද වෙන්නේ? අගමැති කියලා තිබුණා රුපියල් කෝටි 7000ක් කොරෝනා ආධාර විදේශවලින් ලැබුණා කියලා..
විමල්Saturday, 04 July 2020 10:30 AM
පිටරට ඉන්න අපේ රට විරුවන් ගෙන්න ගෙන කොරෝනා රෝගීන් ගණන වැඩි වුනොත් ඡන්දෙ පරදිනවා කියන එක තේරෙන්නේ නැද්ද?. රට විරුවන් නැතත් ඡන්දේ දිනන්න ඕන නැද්ද?
AsankaSaturday, 04 July 2020 12:54 PM
එක ප්ලේන් එකක 10ක් විතරක් ආවා නොවේ.. මේකෙ තව මිනිස්සු ඇවිල්ලා තියෙනවා... ලාංකිකයින් 10 දෙනෙක් එම යානයේ ගෙන්වාගෙන තියෙනවා...
de silva Saturday, 04 July 2020 11:56 AM
විමල් මහත්තයා විදේශ ශ්‍රමිකයන් ගෙන්නුවේ නැතිනම් ඔවුන්ගේ පවුල්වල සහ හිතමිතුරන්ගේ ඡන්ද කොහොමත් ආණුඩුවට වැටෙන්නේ නැහැ. යූ ටියුබ් එකේ රටවිරුවෝ කියන දේවල් දැක්කාම දුක හිතෙනවා. ඔවුන්ගෙන් 17500 බැගින් ගත්ත රක්ෂණ මුදල් වලට විද්දේ කවුද?
විමල්Saturday, 04 July 2020 03:00 PM
සිල්වා මහත්තයා, රට විරුවන්ගේ පවුල්වල වලට සහ හිත මිතුරන්ට 5,000 ගානේ දුන්නේ ඔව්වා අමතක වෙන්න. 17,500 බැගින් රක්ෂණ මුදල් ගත්තේ විදේශ රැකියා කාර්යංශයේ උතුම් නිලධාරීන්ට පිටරට සවාරි ගොසින් රට විරුවන්ගේ දුක සැප බලන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න.
rama Sunday, 05 July 2020 07:57 AM
40000ක් විතර ඉන්නවා එන්න බලාගෙන... 17ක් ගෙනැල්ලා... මොනවා කරන්නද?