IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාපියන්ට නිදිපෙති දී නිවසටම පැමිණ දැරිය අපයෝජනය කරයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

පහලොස්  හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු (21) දා සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි 

සැකකරු වසර දෙකක සිට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වමින් පාසල් දැරිය මෙසේ අපයෝජනයට  ලක්කර ඇතැයි පොලිසිය කියයි 

මීට දින කිහිපයකට පෙර දැරිය සැකකටයුතු ලෙස කිසියම් පෙති වර්ගයක් පාලනය කර ඇති  අතර ඒ බව පියා දැකීමත් සමඟ කළ සොයා බැලීමකදී එලෙස පානය කර ඇත්තේ උපත් පාලන පෙති බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි .

එහිදී පියා දැරියට දැඩි ලෙස අවවාද කර පසුව සිදුකළ  පැමිණිල්ලකට අනුව මෙසේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

දැරිය  ලවා අවස්ථා කිහිපයකදී මාපියන්ට නිදි පෙති ලබා දී  ඒ හැම අවස්ථාවකදීම සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශන  වලදී අනාවරණය  වී ඇති  බව පොලීසිය කියයි .

අපයෝජනයට  ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (8)

මාපියන්ට නිදිපෙති දී නිවසටම පැමිණ දැරිය අපයෝජනය කරයි

Raveendra Thursday, 21 January 2021 08:48 AM

මොනතරම් සාපරාධී ක්‍රියාවක්ද...? කරුණාකර මෙම පාපතරයාගේ සියලු වතගොත ඡායාරූප සමග ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු...

:       3       56

දිලාන් Thursday, 21 January 2021 12:25 PM

අපේ හිරේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නෑයෙක් වත්ද?

:       6       14

rihan Thursday, 21 January 2021 09:16 AM

ප්‍රසිද්ධ ස්ථානයකට ගෙන දඬුවම් දීම අගයමි.

:       3       37

fairoos Thursday, 21 January 2021 10:07 AM

රුපියල් 100ක දඩයක් ගහලා නිදහස් කරයි.

:       3       30

kamal Thursday, 21 January 2021 11:40 AM

අද රටේ සිදුවන මෙවැනි භයානක අපරාධ පිළිබඳව වාර්තා කිරීම හොඳ දෙයක්. අද විශේෂයෙන්ම ගැහැණු දරුවන් පිළිබඳව දෙමව්පියන් විමසිලිමත් විය යුතුයි. මෙවැනි අපරාධකරුවන් දීර්ඝ කාලීනව සමාජයෙන් ඈත්කර තැබිය යුතුයි.

:       0       18

RaveendraThursday, 21 January 2021 12:05 PM

ඔබගේ අදහස් නිවැරදිය. එනමුත් මෙවන් පාපතරයන් දීර්ඝ කාලීනව සමාජයෙන් ඈත්කර තබනවා යනු ඔබේ, මගේ, අපේ බදුමුදල් වලින් තවත් කාලකන්නියෙකුව නඩත්තු කරනවා නොවේද? අප තරයේ විශ්වාස කරනවා ඇඩ්රස් නැතිවෙන්නම ඉක්මණින් සමාජයෙන් සදහටම අයින් කළ යුතු බවට. අවංකවම පව් මේවගේ කාලකන්නියෙකුව මෙලොවට බිහි කළ ඒ ආදරණීය අම්මා...

:       0       25

kamalThursday, 21 January 2021 04:17 PM

මෙවැනි අපරාධකරුවන් සමාජයෙන් ඈත්කර තබන විට, ඔවුන්ගෙන් ශ්‍රමය මහාමාර්ග තැනීම, කෘෂිකර්මාන්තය වැනි රටට ඵලදායි දේවලට යොදවා ගැනීමෙන් නඩත්තු වියදම් අඩු කර ගත හැකිය.

:       0       0

Binkunndaa Thursday, 21 January 2021 06:57 PM

ෂුවර් එකටම පොහොට්ටු දේශපාලකයෙක් වෙන්න ඕනෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site