IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

(එච්.එච්.ධර්මපාල)

ඩුබායි රටේ සැඟව සිටිමින් දුරකථන මගින් මෙරට මත්ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන සිදුකරවන ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මදුෂ් යන අයගේ මෙරට ප්‍රධාන වෙඩික්කරුවකු වූ කලුවන් මධුෂාන් ආබෘ නැමැති හෙරෝයින් ජාවාරම්කරුවකු අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝගමත ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට පත්වන විට හෙරෝයින් මිලිග්‍රෑම් 1060ක් වැල්ලම්පිටියේ ගැනුම්කරුවෙකු වෙත ලබා දීමට සුදානම් වන අවස්ථාවේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පැවැසීය.

සැකකරු කරන ලද පාපොච්චාරනයට අනුව මොහු 2018.7.8 ජම්පටා වීදියේදී ගිතා හා රාජා යන අඹු සැමි යුවල වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු වන බවත් 2018.8.3 මෝදර තැපැල් කාර්යාලය අසලදී කුඩුකන්නා නැමැති හෙරෝයින් ජාවාරම්කරුගේ පියාට වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු වන බවත් සී.සී.ටී.වී දර්ශන වලින් හඳුනාගෙන ඇත.

සැකකරු අලුත්ගම සංජීව සහ අහුන්ගල්ලේ ලොකුපැටි නැමැති හොරෝයින් ජාවාරම්කරුවන් සමඟ ජාවාරමේ යෙදී සිටියදී හඳුනා ගනු ලැබූ බවත් සංජීව සහ ලොකුපැටි පිලියන්දලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ රංගජීවට වෙඩි තැබූ පුද්ගලයන් බවත් පොලිසිය කියයි.

මෙම වෙඩික්කකරු යොදාගෙන සිදුකරන ඝාතනයන් වෙනුවෙන් ඩුබායි රටේ සිටින මදුෂ් හෙරෝයින් ජාවාරම් කරුගෙන් ලක්ෂ පහ බැගින් ලබාගන්නා බවත් පසුගිය කාලයේ සිදු කළ ඝාතන ඩුබායි සිට ලැබෙව දුරකථන ඇමතුම් අනුව සිදු කරන බවත් සැකකරු පොලිසියට පාපොච්චාරනය කර තිබේ.

මදුෂ් සැලසුම් කර ඉදිරියේදී සිදු කිරීමට තිබූ ඝාතන කිහිපයක තොරතුරු හෙලිවී ඇතැයිද පොලිසිය කියයි.



අදහස් (3)

මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

Bamunuarachchi Thursday, 20 September 2018 11:57 PM

තව මොනවද බලන් ඉන්නේ පොලිසියට සඟවාගෙන ඉන්න හෙරොයින් පෙන්වන්න කියන්න. හිරේ දමන්නේ නරක මිනිසුන් හොඳ මිනිසුන් කර සමාජගත කරන්නම්, මෙවන් මිනිසුන් කිසිදිනක හොඳ මිනිසුන් කර සමාජ ගතකල නොහැක. එමනිසා මොවුන්ගෙන් අන් මිනිසුන්ට තවත් කරදර වෙන්න ඉඩතියන්න එපා.

:       48       263

Sapumal.Friday, 21 September 2018 03:11 AM

බමුණුආරච්චි මහතාණෙනි, ඔබතුමාගේ මතයට මාද එකඟයි. වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමට කාලය එළඹ ඇත. මැරයන් තවත් හුරතල් කළ නොහැකිය.

:       0       109

viraj Friday, 21 September 2018 06:48 AM

මාකඳුරේ මධූෂ් කියන්නේ ප්‍රබන්ධයක්.., මේ මිනිසාගේ දකුණු අත ඇල්ලුවා කියලා කාලෙකට කියනවා... ප්‍රධාන ගෝලයා අල්ලාගත්ත කියලා කියනවා. අායිත් කියනවා එ්ත් පාතාලය නිමක්වෙන්නේ නැහැ.. මේක රට ඇතුලේම ප්‍රධාන දේශපාලන හස්තයකින් ක්‍රියාත්මක වෙන දෙයක් කියලයි මම නම් කියන්නේ, බින් ලාඩනුත් ඇල්ලුවා නම් ඩුබායි වල ඉන්නවා කියන මේකව ගෙන්නන එක වැඩක්ද? ඩුබායි කියන්නේ තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරන රටක්,.. අපරාධකාරයෙක්ට නම් ලේසියෙන් ගැලවිලා ඉන්න ලැබෙන්නේ නැහැ... මට හිතෙන්නේ පොලිසියෙන් විස්තර දීලා නැහැ ඩුබායි වලට...

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 181 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 471 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 770 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 992 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1562 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1244 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site