IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහාමාර්ග අමාත්‍යාංශයෙනුත් කෝටි 4381 ක් හිඟයි

(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් වසරේ සිදුකරන ලද මහාමාර්ග ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකිව රුපියල් කෝටි 4381 ක පමණ හිඟ බිල්පත් මහාමාර්ග අමාත්‍යාංශය සතුව පවතින බව මාර්ග හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දි ඇත.

ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ගෙවීමට මුදල් නැතිව ගොඩගැසී ඇති බලපත් පිළිබඳව කැබිනට් මණ්ඩලයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙම දැනුම් දී තිබේ.

දේශීය අරමුදල් යටතේ කරක ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 2996 ක හිඟ බිල්පත්ද විදේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 1385 ක හිඟ බිල්පත්ද ගෙවීමට ඇතැයි ඇමැතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

අමාත්‍යාංශයට හිඟ වසරේ ලැබුණු ප්‍රතිපාදනවලින් මෙම හිඟබිල්පත් ගෙවීමට උත්සහ කළද වියදම් ප්‍රමාණය ප්‍රතිපාදන ඉක්මවා ගිය බැවින් ගෙවීමට නොහැකි වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

 



අදහස් (10)

මහාමාර්ග අමාත්‍යාංශයෙනුත් කෝටි 4381 ක් හිඟයි

SARATH Monday, 24 February 2020 07:28 PM

ගෙවීමට ඇති ආයතන හා පුද්ගලින්ගේ විස්තරයක් දෙනවානම් මහජනයාට වැටහා ගැනීමට පහසුවේ යන්න මගේ හැගීමයි.

:       0       26

denin Tuesday, 25 February 2020 01:24 AM

මෙම මුදල් ගෙවීමට පෙර හිටපු මහා මාර්ග ඇමතිවරයාත් වත්මන් ඇමතිවරයාත් එකම දිනක මෙම ගනුදෙනු සනාථ කළ යුතුයි පාර්ලිමේන්තුවේදී. මොකද මෙම මුදල් ගෙවන්න පසුගිය රජය ජනාධිපතිවරණයටපෙර මුදල් අනුමත කරගත්තලු. ඒ වගේම මෙම රජය කියනවා පසුගිය යහපාලන රජය කිසිම වැඩක් කළේ නැහැ කියා. වැඩ කළේ නැත්නම් මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී හිටපු ඇමතිවරයාත් වත්මන් ඇමතිවරයාත් කරුණු ඉදිරිපත් කරන්න.

:       0       7

mahinda Tuesday, 25 February 2020 01:34 AM

එතකොට අතුරු සම්මත ගිණුමට මේ විස්තර ඇතුලත් වෙලා නැද්ද

:       0       3

Bamunuarachchi Tuesday, 25 February 2020 05:04 AM

යහපාලකයෝ ජනතාවට විතරක් නොවෙයි හැම පැත්තටම පොලු තියලා ගිහිල්ල තිබෙන්නේ.

:       15       1

කරුණාපාල Tuesday, 25 February 2020 05:28 AM

කිසිම සංවර්ධන කටයුතු කළේ නැහැ කියලා ඔය ගොල්ලොම නේද කියවන්නේ ? මහාමාර්ග ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකි බව කියවන්නේ ජනතාව මෝඩයට අන්දන්න නේද ?

:       8       20

ass charyaTuesday, 25 February 2020 08:11 AM

යහපාලනය බෝක්කුවක්වත් හැදුවෙ නැහැ කියලා මැරෙන්න හැදුවා මතකද? හැදුවේ නැත්නම් මොකටද බිල් ගෙවන්නේ ?

:       0       2

BamunuarachchiWednesday, 26 February 2020 01:56 AM

කියන්න බලන්න මොන වැඩේද නිමකර ජනතා අයිතියට පත් කළේ? අඩුම ගානේ බෝක්කුවක් හදලා ජනතා අයිතියට දුන්නාද ? මහින්ද අවුරුදු 8 රටට කරපු දේවලින් 10න් එකක් යහපාලකයෝ කෙරුවාද? හැබැයි මහින්ද කාටවත් විවෘත කරන්න ඉතිරිකර ගියේ නැහැ. පටන් ගත්ත වැඩ සියල්ලම නිමකරලයි ගියේ. කාටද ආඩම්බර?

:       1       0

ගොන් වස්සාTuesday, 25 February 2020 11:34 AM

යහ පාලනය පොලු තිබ්බා විතරයි. මේ පාලනය පොලු වලින් පත බානවා.

:       0       1

BamunuarachchiWednesday, 26 February 2020 01:51 AM

මේ ආණ්ඩුව පත බානවා පොලු තිබ්බ අයට. මොකක්ද ප්‍රශ්නය?

:       1       0

Rohana Wednesday, 26 February 2020 11:47 AM

මේ සියලුදෙනාම තමතමන් අදහන දේශපාලන පක්ෂය මත අදහස් ඉදිරිපත් කරනවා විනා සත්‍ය කුමක්ද කියා ප්‍රකාශ කර නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site