IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහපොළට කෝටි 164 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම  (SLIIT )  සමඟ 2003 වර්ෂයේදී එළැඹි  ගිවිසුම අනුව  එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව   තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්‍රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්)  සභාපති මහාචාර්ය චරිත හේරත්  මහතා පාර්ලිමේන්තුවට  ඊයේ (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි.

එම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන්  එවකට කළමනාකාරීත්ව වගකිව යුතු   බව විගණකාධිපතිවරයා සඳහන් කර ඇතැයි කෝප් කමිටු සභාපතිවරයා  මේ වාර්තාව ඉදිරිපත් කිරීමේන් පසුව පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.

මහපොළ පනතේ  තුන්වැනි  වගන්තියට ප්‍රකාරව මහපොළ අරමුදල පිලිබඳව පරිපාලනය කළමනාකාරය හා පාලනය එහි භාරකාර මණ්ඩලයට පැවරී තිබුණද එම මණ්ඩලය 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ  කාලයේදී අරමුදලට වාසිදායික ලෙස හා පළපුරුදු ලෙස තීරණ  නොගැනීමත් පැවරී තිබූ අධීකාරී බලය  ඉක්මවා කටයුතු කිරීමත්  හේතුවෙන් එයට බරපතල මූල්‍ය හා මූල්‍ය නොවන පාඩු සිදු වී ඇතැයිද  එම වාර්තාව නිගමනය කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ළාභයෙන් 50% ක ලාභ කොටසක් මහපොළභාර අරමුදලට  ප්‍රේෂණය කළ යුතු වුවද  රුපියල් පනස් එක් කෝටි හැටහතර ලක්ෂ තිස්හයදාස් දෙසිය පනස් හතක් අඩුවෙන් ප්‍රේෂණය කර ඇති බවත්  අරමුදලට  හිමි එම මූල්‍ය  කොටස්   ලබා නොගැනීමට එවකට කළමනාකාරීත්වය වගකිව යුතු බවත් වාර්තාවේ සදහන්ව ඇත.

මේ අතර මාර්ගගත  ලොතරැයි ක්‍රියාත්මක කිරීම සඳහා  විදිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ලොතරැයිකරුවෙකු තෝරා ගැනීම නිසා  අරමුදලට රුපියල්  හැටහත්කෝටි තිස්නව ලක්ෂ දහතුන්දාස් හතලිස් තුනක මුදලක් අහිමිවී ඇතැයිද එම වාර්ථාවේ සඳහන් වෙයි.



අදහස් (3)

මහපොළට කෝටි 164 ක පාඩුවක්

WCA Wednesday, 07 April 2021 12:06 AM

ඔය මොන බයිලා ගැහුවත් අන්තිමට වැරදි කාරයෙක් උසාවි දාල ඒ අලාභය ගන්න ක්‍රමයක් නැනේ.අන්තිමට කරන්නේ ඕක මීඩියා එකෙන් පෙන්න පෙන්න දේශපාලනය කරන එක විතරයි මහජනතාවට තියෙන්නේ හැමදාම තමන්ගේ ගෙදරට පැනපු හොරුන්ට බඩුටික අරන් යනකල් ඔහේ බලාඉන්න විතරයි

:       0       22

ලුම්බිණි Wednesday, 07 April 2021 02:57 AM

ඇයි ඉතින් මේවා කරපු අයට විරුද්ධව නීති මගින් කටයුතු නොකරන්නේ?

:       1       28

kamal Wednesday, 07 April 2021 08:44 AM

නීතියක් නැහැ කියලා තේරෙන්නේ නැතිද? නඩු අහන්න ඉන්න අය ආණ්ඩුවෙන් අහලා තමයි තීන්දුව දුන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site