(අජන්ත කුමාර අගලකඩ)
මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ මුස්ලිම් කවුන්සිලයක් පත්කර මද්‍රසා පාසල් එහි පාලනයට ගතයුතු බවට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා ඉදිරිපත් කළ කෙටුම්පතක් අද(21) කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ වෙනුවට මද්‍රසා පාසල්, අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීමටත්, එහි විෂයමාලා සැකසීම ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදුකිරීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව එම ආරංචි මාර්ග කියයි.
මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ වෙනත් කවුන්සිලයක් මගින් පාලනය කිරීමට මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා ඉදිරිපත් කළ කෙටුම්පතට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් යන ඇමතිවරුන් විරෝධය පළ කර ඇති බවද වාර්තා වේ.
මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යංශය පාලනයට ගතයුතු බවත්, එහි විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනය මගින් සකස් කළ යුතු බවත් ඇමැති චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත.
රවුෆ් හකීම් ඇමැතිවරයා එම අදහස් අනුමත කරමින් කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කර ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ ක්‍රියාවක්. අපව රවටන බොරු රගපෑමක් නොවේවා.
ඇමති මණ්ඩලය කියන එකෙන් යන්තම් හොද දෙයක් සිද්ධවෙලා. අහන්නත් සන්තෝෂයි. මුස්ලිම් ඇමතියට මොකද මේ තරම් අමාරුව ඔය පාසැල් ටික තමන් යටතේම තියා ගන්න. කොහොම උනත් අපි වෙනුවෙන් කල්ප කාලන්තරයකට පස්සේ මේ වගේ තීන්දුවක් ගන්න කොන්දක් තිබීම ගැන ඇමති මණ්ඩලය කියන එකට අපේ ස්තූතිය.
එයා නේද කිව්වේ කඩු වලින් සුසාන භූමි වල තණකොළ කපනවා කියලා..............
කොහොමද ඇමතියගේ ගේම. හරියට තණකොළ කපන්න කඩු ගෙනාවා කිව්වා වගේ තමයි. ප්‍රශ්නය කියන්නනෙ මේ වගේ අය තවම බලයේ ඉන්න එකයි.
කොහොමද ටිකිරි මොළේ?
මද්‍රසා විතරක් නොවේ වෙනත් ආගම් වල දහම් පාසලුත් අධ්‍යාපන අමාත්‍යංශයට යටතට ගන්න ඕනේ. බුද්ධාගම වුනත් දහම් පාසල් වල උගන්නන්නේ නියම ගුරුවරු හෝ ඉගැන්වීම පුහුනුවුන අයවලුන් නොවේ. පුහුණුව නොලත් අයවලුන් ඉගැන්වීම හොඳ දෙයක් නොවේ.