IMG-LOGO

මඩකලපුව රෝහල අසල උද්ඝෝෂණය කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට

(ටී එල්  ජව්ෆර්කාන්)

    
මඩකලපුව ශික්ෂණ  රෝහලේ අද (13) උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි.   

කොරෝනා රෝගීන් මඩකලපු රෝහලට ඇතුළත් නොකරන්නැයි තරුණයින් පිරිසක් උද්ඝෝෂණයේ නිරත විය.

රෝහල් අවට කෝලහල මැඩපැවැත්වීම සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ විශාල පිරිසක් යොදවා තිබේ.

රෝහලට ප්‍රතිකාර සඳහා සාමාන්‍ය  රෝගින් රැගෙන එන ගිලන් රථ රෝහල් පරිශ්‍රයට ඇතුළු වීම වැළැක්වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.



අදහස් (9)

මඩකලපුව රෝහල අසල උද්ඝෝෂණය කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට

Champa Friday, 13 March 2020 12:16 PM

ඔය තියෙන්නේ. ඔන්න ඔහොම ඉන්න. මුළු ලෝකයටම වසංගතයක් වෙලා තියෙන කොරෝනා වලින් අපේ රටේ මිනිස්සු ආරක්ෂා කරන එක පවතින රජයේ පරම යුතුකමක්. ඒ හින්දා ඊට එරෙහි වෙන සියලු දෙනා කොරෝනා වසංගතය ඉවර වෙනතුරු හිරේ දාන්න. කොරෝනා නිරෝධායනට හමුදාවේ සහයෝගය ගැනීමට විරුද්ධවන අය වහාම අත්අඩංගුවට ගත යුතුයි. ලංකාවේ මිනිස්සුන්ටත් කොරෝනා හැදිලා මිනිස්සු හුඟක් මැරිලා රටත් විනාශ වෙනවා දකින්න කැමති අය මේ. උතුරු කොරියාවේ ඔහොම කරා නම් නම් වෙඩි තියලා දානවා.

:       34       528

ChampaFriday, 13 March 2020 04:25 PM

අන්තිම කොටසේ මම කිව්වේ අර එක පුද්ගලයෙක් ගැන, හමුදාව කොරෝනා නිරෝධනයට සහභාගී කරවා ගන්න එකට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා කියපු පුද්ගලයා. එන්ජීඕ එකකින් සල්ලි ගන්න කරන වැඩක්. ඔහුව අත්අඩංගුවට ගත යුතුයි.

:       0       236

Raveendra Friday, 13 March 2020 12:19 PM

රෝගියෙකු අරෝග්‍ය ශාලාවකට ඇතුල් කිරීම නොකළ යුතුයි කියන්න මේ අයට තියෙන බලය මොකක්ද? මේ අය තිරිසනුන් නොවේද ? රටක ව්‍යසනයකදී පුරවැසියන් මෙසේ තිරිසන් විදියට හැසිරීම අප නම් කිසිවිට අනුමත නොකරන අතර ඔවුන්ට දඬුවම් දෙන ලෙස අප ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන්ම නිවට ජාතිවාදී දේශපාලුවන් මෙය පිටුපස ඇති බව නම් විශ්වාසය.

:       47       137

MaheshSaturday, 14 March 2020 05:31 AM

ඔව්, අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් තමයි හැඳල උද්ඝෝෂණයට මුල්තැන දුන්නේ...

:       1       111

Lakmal Friday, 13 March 2020 12:50 PM

ඒ අයට කොරෝනා වයිරස් එක එන්නත් කළා නම් හරි...

:       0       3

Pradeep Friday, 13 March 2020 12:52 PM

අනේ අපේ රටේ මිනිස්සු. මේක නූගත්කම මිසක් වෙන දෙයක් නෙමෙයි. අනිත් රටවල්වල අය රෝගීන්ට උපකාර කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනකොට ඔන්න අපේ අයගේ හැසිරීම... මේ වගේ දේකට අර අලි ගැන කතා කරන අයත් නිහඬයි. ඇයි මේවාට කතා කළාට ඩොලර් ලැබෙන්නේ නැහැනේ...

:       0       4

මුණසිංහ Friday, 13 March 2020 03:25 PM

හරියට හරි. මෙයාලා හිතන් ඉන්නේ ඔක්කොම තම බලය පෙන්නලා කරන්න. ඇප දෙන්න බැරි විදියට කූඩු කරන්න...

:       7       5

Suwahas Saturday, 14 March 2020 04:13 AM

ඇයිද දන්නේ නැහැ... අර හැඳල පැත්තේ උද්ඝෝෂණය කරපු අයව අත්අඩංගුවට ගත්තේ නැත්තේ? එතන ස්වාමීන් වහසේලා නමකුත් හිටියා... ඉතින් දෙමළ, මුස්ලිම් මිනිස්සු කියන එකත් හරි කියලා හිතෙනවා.

:       1       48

de silva Sunday, 15 March 2020 12:02 PM

අනිවාර්යයෙන් ජාති භේද, උතුරේද දකුණේද සහ තරාතිරම නොසලකා, මෙවැනි ජාතික ව්‍යවසනයක් මර්ධනය කිරීමට ගන්නා පියවර වලට විරුද්ධව, උද්ඝෝෂණ, විරෝධතා, සාකච්ඡා දෙන පුද්ගලයින් ඇතුළු සියලුදෙනාම අත්අඩංගුවට අරන් දඬුවම් කරන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site