(ඩී.ජී.සුගතපාල)
අලුත්ගම දක්වා ධාවනය කිරීමට සූදානම්ව අම්බලන්ගොඩ බස් නැවතුම්පළේ නතරකර තිබූ බස් රථයක් තුළදී කාන්තාවකට පහරදුන් බව කියන භික්ෂූවක් අද (07) රාත්‍රී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොපල්ලව විජිත නමින් හඳුන්වනු ලබන 72 හැවිරිදි භික්ෂුවක් බව පොලිසිය පවසයි.
බලපිටිය වැල්ලවත්ත පදිංචි 37 හැවිරිදි කාන්තාවකට මෙම භික්ෂුව බස් රථයේදී අතින් පහරදී ඇති අතර පසුව ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න බලපිටිය. හාමුදුරුවො ඔයින් බේරුණා ඇති. වචනයක් වැරදුණොත් ඒ අය පොලිසියට ගිහින් කියන්නේ අතවර කරන්න හැදුවා කියලා... නැත්තන් මිනීමැරීමට තැත් කළා කියලා.
ගැටුමට මුලාරම්භය මොකක්ද දන්නේ නැහැ.
පුදුමයක් නෙවෙයි නේද?
නිකම් ඉඳගෙන කාලා අමාරු ඇති... සමහර විට බස් එකේ සීට් එකට පොරකාලා වෙන්න ඇති මේ පහරදීම සිදුකර ඇත්තේ.. සැබෑ පිරිමි නම් කාන්තාවකටයි ආසනය පිරිනමන්නේ? කොහෙද ඉතින් ඒ අයට එහෙම හැදියාවක්..?
අන්න ඒ නිසා තමයි... අපිත් මෙවැන්නන්ට පුළුවන් හැම අවස්ථාවකම අත දිගහැරලා කණේ පාරවල් දෙන්නේ... දැන් පටන් ගත්තා විතරයි...!!!
විශ්වාස කරන්නත් බැහැ.
බලපිටියේ නම් තක්කඩිකම පිහිටන්නේ උපතින්මයි...