ඉන්දියාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන නිම්මි බනෝ මහත්මිය ඊයේ සන්ධ්‍යාවේ මුම්බායි හිදී මිය ගියාය.
හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය යනවිට 88 හැවිරිදි වියේ පසූ වූවාය.
ශ්වසන අපහසුතා හේතුවෙන් ඇය කාලයක් පුරා රෝහල් ගතව සිටිමින් ප්‍රතිකාර ලැබු බවද පවුලේ ඥාතීහු පැවසූහ.
1949දී බර්සාත් සිනමාපටයෙන් රංගනයට පිවිසි ඇය 1950-60 කාලය තුළ සිනමාපටවලට රංගනයෙන් දායක වූ අතර රාජ් කපූර්, දේව් ආනන්ද් සහ දිලිප් කුමාර් සමඟ සමීපව කටයුතු කරමින් ජනප්‍රියත්වය පත්වූවාය.
දීදාර් (1951), දග්(1952), ආන්(1952), උරන් ඛතෝලා (1955), බසන්ත් බහාර්(1956) යන සිනමාපට ඇගේ රංගන දිවියේ කැපී පෙනෙන චිත්‍රපට විය.
(ඉන්දියා ටුඩේ ඇසුරිනි)
16844

COMMENTS
කාලයක් අපව විනෝදයෙන් තැබුවාට ඔබට නිවන් සුව ලැබේවා!