කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් බොලිවියාව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලු දේශසීමා වසා දමා තිබේ.
දේශසීමා වසා දැමීම අප්‍රේල් 15 දක්වා ක්‍රියාත්මක අතර එම කාලය තුළ කිසිවකුට බොලිවියාවට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි වන බව එරට ජනාධිපති ජෙනින් ඇනෙස් පවසයි.
දැඩි සීමාවන් අනුගමනය කරමින් දින 14ක නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර සතියේ දිනවල උදේ 7 සිට දහවල් 12 දක්වා එක් පුද්ගලයෙකුට පමණක් නිවසින් පිටතට යාමට අවසර ලබාදී තිබේ.
බොලිවියාවේ වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 38කි. මරණ කිසිවක් වාර්තා වී නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd