IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බොරු අපයෝජන චෝදනාවකට ලක් වූ පියා නිදොස්කොට නිදහස්

(උපාලි ආනන්ද)
 
තම පියා තමා අපයෝජනය කළ බවට පොලිසියට පැමිණිලි කළේ තම මවගේ බලපෑම් සහ ඉගැන්වීම් මත බවත් පියා තමා අපයෝජනය නොකළ බවත් බාල වයස්කාර දැරියක දිවුරුම් දෙමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඉදිරියේ දී අද (13) පැවසුවාය.
 
තම බාල වයස්කාර දියණිය අපයෝජනය කළ බවට චෝදනා කරමින් විත්තිකාර පියෙකුට  එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර අංක දෙක මසහාධිකරණ හමුවේ පවරා තිබූ නඩුවක්  යලි කැදවූ අවස්ථාවේ පැමිණිලිකාර දැරිය බව කීවාය.
 
ඇය අධිකරණය හමුවේ දිවුරුම් දෙමින් තවදුරටත් කියා සිටියේ තම මවගේ ඉගැන්නුම් බහ මත තම පියා තමා අපයෝජනය කළ බවට  පියාට එරෙහිව කැකිරාව පොලිසියට තමා අසත්‍ය පැමිණිල්ලක් කළ බවය.
 
මෙම  කරුනු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකාර පියාට එරෙහිව  නීතිපතිවරයා විසින් නගා තිබූ බාල  වයසස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස්  කර මුදා හැරීමට නියෝග කළේය.
 
2016 ජනවාරි මස 1 සහ 2016 ජනවාරි මස 10 වන දින අතර කාලය තුල අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කැකිරාව ගනේවල්පොලදී බාල  වයස්කාරියකව සිටි  තම දියණිය අපයෝජනය කල බවට මෙම විත්තිකාර පියාට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) 02 (ආ) වගන්තියට යටතේ අනුරාධපුර අංක දෙක මහාධිකරණ්‍ය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන්ද අල්විස් ගුණතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ගයාන් සිරිවර්ධන මහතා පෙනී සිටියේය.



අදහස් (3)

බොරු අපයෝජන චෝදනාවකට ලක් වූ පියා නිදොස්කොට නිදහස්

Gamage Monday, 13 July 2020 12:37 PM

හෙණ ගහනවා. මේ වගේ ගැහැණු නිසා අර උත්තම පියාට මොනවා හිතෙන්න ඇද්ද? අනේ පව් ඒ මනුස්සයා..

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 01:08 PM

අනේ බලන්න.. මේ පියාට වූ අසාධාරණයක තරම.. රටපුරා මහත් ප්‍රසිද්ධියක් ලැබූ මේ පුවත නිසා මේ පියා නිකරුනේ මොනතරම් මානසික පීඩාවකට ලක්වෙන්නට ඇද්ද? තම බිරිඳ විසින් තමන්ගේම දියණියව යොදාගෙන මේ සිදුකළ බොරු දූෂිත කතාව මොන තරම් තිරිසන් සහගත ක්‍රියාවක්ද? කාන්තාවකට තම සැමියාට විරුද්ධව මෙවන් චෝදනාවක් කිසිදා කළ හැකිද? තමන්ගේම ලෙයින් උපන් දියණියව පියාට විරුද්ධව මේ අයුතු ආකාරයෙන් උසිගන්වා මව සිදුකළ මේ අහස පොළොව නුහුලන පාප ක්‍රියාවට එයට ඇයට නිසි දඬුවම් ලබාදිය යුතුයි. මෙවන් බොරු චෝදනා කිසිඳු පියෙකුට තම දරුවකුගෙන් හා බිරිඳකගෙන් කිසිදා ඇති නොවේවා.. !!!

:       0       23

saman australia Tuesday, 14 July 2020 12:47 AM

ඉතින් ඒ බොරු චෝදනා දාපු පුද්ගලයාට විරුද්ධව නඩුවක් දැම්මේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 46 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 342 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site