
(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙටිටිආරචිචි)
බීඩි කොළ කිලෝ 50ක පමණ ප්‍රමාණයක් නීතිවිරෝධීව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අද (01) අත්අඩංගුවට ගත්බව බලන්ගොඩ අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.
බලන්ගොඩ, කල්තොට ප්‍රදේශයේ සිට හපුතලේ ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බව බලන්ගොඩ අඩවි වන නිලධාරි විජයන්ත උපුල් මහතා පැවසීය. කල්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බලන්ගොඩ වනජීවි කාර්යාලයේ නිලධාරින් පිරිසක් සමග එක්ව එම වැටලිම සිදු කර ඇත. ඔහුට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.