(ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද කොළඹ කොටුව පොලිස් මූස්ථානයට පැමිණ සිටියහ.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල, සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් යන මහත්වරු පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝද පැමිණ සිටියහ.
මොවුන් සියලු දෙනා අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයට පැමිණ පැමිණිලි බාරදුන්හ.
(පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල)

(සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි)

(සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් )
COMMENTS
දැන්වත් මේ විකාර වැඩ නවත්තලා රට වැටිලා තියන තැනින් ගොඩ ගන්න පුළුවන් විදිහක් ගැන සිතුවොත් නරකද?
"ජාතික හෙළ කරුමය" අපේ රටට, දීලා.. ඕස්ට්‍රේලියාවේ ඉඩම් අරගෙන ගෙවල් හදාගත්තා.. මේ වගේ අය තමයි.. ජාතික ඇඳුමක් ඇඳගෙන.. ඉස්සරහටම පැනගෙන කෑගහන්නේ...
සියලුදේ.. සෙමින් සෙමින් එලිවෙමින් පවතී.. බොරුවට, වංචාවට වැඩි ආයුෂක් නැත.
මහසෝන් සමාගමේ අධ්‍යක්ෂක මහත්වරු පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණියේ නැද්ද?
6 වෙනිදා සිට කාලය දී තිබුණා. මේ මහත්වරුන්ට අවසාන මොහොතේද ෆයිල් ටික ලැබුනේ.. බොරුවට මොවුන්ගේ මාධ්‍ය සංදර්ශනය විතරයි. කරපු වැඩක් නැහැ. අර රිෂාඩ් කාරයා එච්චර එඩිතරව කියනවා. එයාගෙන් වැරැද්දක් කරලා නැහැ කියලා. අපේ වීරවංශ හා ගම්මන්පිල හා එස්.බී. දිසානායකලා කියන අරව මේවා කියලා, මිනිස්සුන්ව රවට්ටනවා පමණක් නොවේ. මිනිස්සුන්ව කුපිත කරනවා බොරු ප්‍රචාර කරලා.
බෝ වෙනවා නම් ගොනත් ඇති කියනවනේ.. අපි බලමුකෝ ෆයිල් මිටි ගණන් උස්සගෙන ගිහින් අහක නොයන නඩුවක් දා ගන්න පුළුවන් වෙයිද කියලා...? පේනවනේ හිස්බුල්ලගේ කතා..
බල්ලන්ට ඇති වැඩකුත් නැහැ. හෙමින් ගමනකුත් නැහැ.
ශුද්ධවන්තයෙක් කතා කරයි.
මෙන්න නඩු නැති කෙනෙක් නඩු දාන්න යනවා තව කෙනෙකුට. මෙයාගේ නඩුවට මොකද උනේ සාක්කි එක්කම තියෙනවානේ
මාධ්‍ය සංදර්ශන