IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බදියුදීන්ගේ වංචා විශ්වාසභංගයේදී හෙළි කරන බව එස්බී කියයි

(නිමල කොඩිතුවක්කු)
 
අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට අන්තවාදින් සහ ත‍්‍රස්තවාදීන් සමඟ තිබූ සම්බන්ධතා  සහ ඔවුන් ආරක්ෂා කළ ආකාරය පිළිබඳ තොරතුරු මෙන්ම ඔහු ඇමැතිවරයකු ලෙස සිදුකළ  හොරකම්, දුෂණ, මංකොල්ලකෑම්, පිළිබඳ තොරතුරු සියල්ල විශ්වාසභංගයේ දී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී පැවසීය.

මෙම කරුණු  සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාවක් පත්කර රනිල් වික‍්‍රමසිංහ මහතා සහ  එක්සත් ජාතික පක්ෂය ශුද්ධ  පවිත‍්‍ර වීමට දරණ උත්සාහය නින්දිත  එකක් යැයි ද දිසානායක මහතා කියා සිටියේය.

පුංචි බොරැල්ලේ  පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ  නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මෙසේ ද කීවේය.

‘‘මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා චීවරධාරීන් කියමින් ගෞරවණීය  ස්වාමීන් වහන්සේට අපහාස කරන ගමන්  මේක සිංහල බෞද්ධ රටක් නොවන බව නැවත නැවත ප‍්‍රකාශ කරමින්  මේ රටේ කිසිදු අන්‍යආගමිකයෙක් නොකියන විකෘති කතාවක් කියනවා.

ථේරවාදී බුදුදහමේ  මූලස්ථානය ශ්‍රී ලංකාව බවට අද විදේශීය රටවල් පවා පිළිගන්නවා. කාදිනල්තුමන් පවා මේ ගැන සඳහන් කළා. එහෙම කියද්දි තමයි  මංගල සමරවීර මහතා මෙවැනි ප‍්‍රකාශයක් කරන්නේ.

ලංකාවේ ප‍්‍රධාන මුස්ලිම් පල්ලි වන මහනුවර  අස්ගිරි මුස්ලිම් පල්ලිය, උඩුනුවර මුස්ලිම් මහ පල්ලිය, ගම්පොල  මුස්ලිම් මහ පල්ලිය, කුරුණෑගල මුස්ලිම් මහ පල්ලිය කියන මේ සියල්ල හදලා තියෙන්නේ අස්ගිරි විහාරයට, මල්වතු විහාරයට, රිදි විහාරයට අයත් ඉඩම්වලයි.  කවදත් මිත‍්‍ර ලීලාවෙන්  සහෝදර ලීලුවෙන් මේ සියලු ආගමිකයන් ජාතිකයන්  එක්ව ජීවත් වෙන්න  ඕන කියන සංස්කෘතිය අපෙන් පැවත එනවා.

අවාසනාවකට මංගල සමරවීරට මේක තේරෙන්නේ නැහැ. ඔහුට  අවශ්‍ය වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ  ජනතාව ප‍්‍රකෝප කිරීමටයි. 

මේ වනවිට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියන් නිදහස් කිරිමට අදාළ තීන්දුව ජනාධිපතිවරයා ගෙන තියෙනවා. ඒ කළ උතුම් කාර්ය වෙනුවෙන් ජනාධිපතිවරයාට  අපේ විශේෂ ගෞරවය සහ ස්තූතිය පුදකරනවා."



අදහස් (7)

බදියුදීන්ගේ වංචා විශ්වාසභංගයේදී හෙළි කරන බව එස්බී කියයි

dhammika perera Thursday, 23 May 2019 11:02 AM

මම හිතන්නේ එස් බී මහත්තයා වහාම පොලිසියට මේ තොරතුරු ලබාදිය යුතුයි. මෙච්චර දැනුමක් මේ දේවල් ගැන තියාගෙන පර්ලිම්න්තුවේ විවාද කර කර ඉන්නේ මොකටද? පොලිසියට ගෙන්නලා හරි කටඋත්තර අරන් රිෂාඩ් අත් අඩංගුවට ගන්න ඕනේ.

:       0       0

රවින් Thursday, 23 May 2019 11:13 AM

අන්දරේ තාමත් ජිවත් වෙනවාද?

:       0       0

fasmy Thursday, 23 May 2019 12:30 PM

සුළු ජාතීන් පාගා දමන්නට කරන මේ උත්සාහය අපි තරයේ හෙළාදකිමු. වැරදි කර ඇත්නම් උසාවි තිබේ.

:       0       0

victor Thursday, 23 May 2019 01:50 PM

ඔබ තුමාගේ ....?

:       0       0

Chanak los angeles Thursday, 23 May 2019 02:53 PM

මරු සුද්දවන්තයා අනුන්ගේ වංචා හෙළිකරන්න යන්නේ..?

:       0       0

Lion Friday, 24 May 2019 05:26 AM

සතේ අතේ නැතුව දේශපාලනේට ඇවිල්ලා කෝටිපතියෙක් වෙට්ච්ච හැමෝම ගැන මුළු රටම දන්නවා

:       0       3

athura Friday, 24 May 2019 07:56 AM

එතකොට අර දින 52කේ ආණ්ඩුවට කතාකරලා තියෙන්නේ අහවල් එකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site