
(එම්. ආර්.ප්‍රියශාන්ත)
රඹුක්කන, පින්නවල එළිමහන් සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දැනට ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වයිරස තත්ත්වය සැලකිල්ලට ගෙන වනජීවි අමාත්‍යංශය කළ දැනුම්දීමකට අනුව පින්නවල සත්වෝද්‍යානය හා අලි අනාථාගාරය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
සංචාරකයින් සඳහා මෙසේ වසා දැමුවත් සියලුම පරිපාලන කටයුතු සදහා විවෘත කර ඇති බව ද ඒ මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටකෝට්ටේ එක තවම ඇරලා.