IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පැය 24 කදී කොරෝනා ආසාදිතයන් 292,000 ක්

අවසන් පැය 24 කාලයේදී ලොව නන්දෙසින් වාර්තාගත නව කොරෝනා වයිරස ආසාධිතයන් විශාල ගණනක් වාර්තා වී ඇතැයි ද එම ගණන 292,000 ඉක්මවන්නේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ස‍ඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගත වූ අවසන් පැය 24 දී, එනම් සිකුරාදා දිනයේදී ලොව විවිධ රටවලින් වාර්තා වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණනේ එකතුව 292,527කි.

ඉන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. අවසන් පැය 24 දී ලොව විවිධ රටවලින් වාර්තා වී ඇති වයිරස ආසාධිත මරණ ගණනේ එකතුව 6,812කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අවසන් වරට දිනක් ඇතුළත වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ජූලි 24 වැනිදා ය. එදින වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 284,196ක් විය. එදින, එනම් ජූලි 24 වැනිදා වාර්තා වූ ගෝලීය වයිරස ආසාධිත මරණ ගණන 9,753ක් විය. එය නව කොරෝනා වයිරස වසංගතය ලොවපුරා පැතිර යෑමට ගැනීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණනද වේ. ජූලි මාසයේ දී දෛනික ව වාර්තා වන වයිරස ආසාධිත මරණ ගණනේ සාමාන්‍ය 5,200ක් යැයි එය ජූනි මාසයේදී 4,600ක අගයක පැවැතියේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.  

- රොයිටර්ස්
055



අදහස් (0)

පැය 24 කදී කොරෝනා ආසාදිතයන් 292,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site