(ජුඩ් සමන්ත)


පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා  මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද  (19 ) නියම කළේය.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිණි.

එම නඩුවට  ඇප ලබා සිටි  මොවුන් දෙනොට   සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබු අතර 2017 දී අගෝස්තු මාසයේ සිට  සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම  මොවුන්ට එරෙහිව නැග තිබු චෝදනා වේ.