
(බන්ධුල ඉලේපෙරුම)
විමල් වීරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ තමාට දුරකථන ඇමතුම් ලබාදුන් බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එම හඬ පට අද(22) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය.
දුමින්ද සිල්වාගේ නඩුවට විනිසුරුවන්ට කථාකළ බව කියමින් වීරවංශ මහතා ඔහුට චෝදනා කළ අතර ඊට පිළිතුරු දෙමින් රංජන් රාමනායක මහතා මෙසේ හඬ පට ඉදිරිපත් කළ අතර තමා විනිසුරුවන්ට කථා කළේ සද්භාවයෙන් බවත් කියා සිටියේය. ඒ පද්මිණී රණවක විනිසුරුවරිය ආරක්ෂා කිරීමට බවද ඔහු කීවේය.
ත්‍රිපුද්ගල උසාවි තීන්දුව දුන් අවස්ථාවේ එහි සිටි එක් අයකු පද්මිණී රණවක විනිසුරුවරිය බව වීරවංශ මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.
“මට හඬ පට එළියට දාන්න අවසර දෙන්න” යනුවෙන් රාමනායක මහතා ඉල්ලා සිටියේය.
“අපි කිසිම දවසක දුරකථනයෙන් හෝ කිසි විදියකින් විනිසුරුවරුන්ට කථා කළේ නෑ. ශානි අබේසේකරට කථා කළේ කවුද? දැන් එනවා ........... ලැජ්ජයි. අධිකරණ තීන්දුවට ඇඟිලි ගහලා” යනුවෙන් විමල් වීරවංශ ඇමැතිවරයා පිළිතුරු දෙමින් පැවසීය.
මේ හේතුවෙන් විමල් වීරවංශ හා රංජන් රාමනායක යන මන්ත්‍රීවරුන් අතර සභා ගැබේදී උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
COMMENTS
අන් අයට නොදන්වා දුරකථන සංවාද පටිගත කිරීම කැත අශිෂ්ඨ ක්‍රියාවක්... ඒ වගේම මෙහි තමන් සාධාරණයි කියා පෙන්වන්න හදන අනිත් කෙනාට අමතකව ඇති පසුගිය කාලේ අගවිනිසුරු තුමියව එළියට දාන්න ගත්තු නීතිවිරෝධි උත්සාහය. මේ දෙදෙනාම පාර්ලිමේන්තුවේ සිටිය යුතු දෙදෙනෙකු නොවෙයි.
මේවාට කියන්නේ "බ්ලැක් මේල් " කරනවා කියලා. ඕවාට බෙහෙත් තිබෙනවා කරනවා නම්...
අපේ කෙනෙක් ඇහුවා නම් පිට කෙනෙක් කවදාවත් ඡන්දය දෙයිද? ඒත් රන්ජන්ට තවත් ඡන්දය දෙන අපේ අය ටිකක් එනවා. ලැජ්ජයි.
විමල් ඔබ අපිට මෙ හාදයාට කියන්න මරු නමක් දුන්නා ස්තුතියි.