IMG-LOGO

පානීය ජල සැපයුම සීමා කරන්න යයි

(ජයන්ත සමරකෝන්)

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්  බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා ජල මුලාශ්‍ර ගණනාවක්ම සිදීයාමෙන් පානීය ජලය ලබාදීම සීමාකිරිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් පැය 24 පුරා ජලය අඛණ්ඩව බෙදාහැරීම ද අඩපණ වනු ඇතැයි මණ්ඩලය සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ ජලය සැපයීමට සිදුවන අවස්ථා වලදී ඒ පිළිබඳව කෙටි පණිඩුඩයක් මගින් දැනුම් දීමේ සේවාවක් ද ආරම්භ කර ඇතැයි ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජල බිල්පතේ ගිණුම් අංකය යොදා 071-9399999 යන අංකයට තම ජංගම දුරකථනයෙන් කෙටි පණිවුඩයක් එවා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද මණ්ඩලය කියයි.

නොමිලේ ක්‍රියාත්මක වන මෙම කෙටි පණිවිඩ සේවාව මගින්, ජල බිල්පතේ මාසික ගාස්තුව, හිඟ මුදල, ජල බිල්පත් නොගෙවීම මත ජලය විසන්ධි කිරිමේ  දැනුම්දීම ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවද මණ්ඩලය සඳහන් කරයි.

 



අදහස් (14)

පානීය ජල සැපයුම සීමා කරන්න යයි

ජයරත්න Friday, 21 February 2020 02:54 PM

රාජා භවතු ධම්මිකෝ!

:       0       52

BamunuarachchiSaturday, 22 February 2020 01:48 AM

ඝෝඨාභය මහතා මේකට වගකිව යුතුයි නේද අනේ? දැන් අපිට වර්ග කරන්න සිදුවෙනවා.

:       1       0

AjithSaturday, 22 February 2020 05:10 AM

පුදුම ආකාරයට, කේතුමතී රාජධානිය පහළවෙමින් පවතී, අර අභයාරාමයේ හාමුදුරුවෝ කොහෙද දන්නේ නැහැ නේද?

:       0       1

SL Friday, 21 February 2020 02:55 PM

අපි නම් මාර ජාතීයක් වහීන කාලේ වතුර පොලවට උරාගන්න තියෙන කැලේ ඵලි කරනව. පිරිසිදුව ට තියෙන ඇළ දොල ගංගාවලට කුනු කානු හරවල ඉතිරි වතුර ටිකත් විනාශ කරගන්නව.

:       0       87

Aris Friday, 21 February 2020 03:49 PM

අපේ රටේ තිබෙන සම්පතක් නේ ජලය. නමුත් වතුර නැහැ මිනිසුන්ට බොන්න. ජලය එක්රැස් කරල, පිරිසිදු කරල, බෙදා හැරීමට තිබෙන නොහැකියාව තමයි මෙයින් පේන්නේ.

:       0       43

බද්රානි Friday, 21 February 2020 08:51 PM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්, ස්වභාවික පරිසරය වනසාලන මේ රටේ සිටින අමනයින්ට මේ ඉරණම අත්විය යුතුයි. කැමති නම්, බෝතල් වතුර මිලදී අරගෙන බීපල්ලා. බිල් නොගවන්නේ නම් ජලය කපා හැරීම නීතියට එකඟයි. බෝතල් වතුරත් මදපෙරදිගිනුත් ආනයනය කරන දිනය වැඩි ඈතක නැහැ. බඩ ගෝස්තරය වෙනුවෙන් ලෝක ධර්මයත් විකුර්ති කරන පව් කාරයන්, ඔහොම වෙලා මදි!!.

:       0       0

lanka Friday, 21 February 2020 09:25 PM

පුදුම සහගත දෙය නම් ගිය වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා නොකඩවා දිනපතා ධාරානිපාත වැසි වැස්සත්, වැසි නැවතී මාස දෙකකින් රටේම විදුලිය සහ ජලය කප්පාදු කරන්න සිදුවීමයි. මෙයින් පෙන්නුම් කරන්නේ කාගේ නොහැකියාවද..?

:       0       0

ප්‍රීති Friday, 21 February 2020 09:55 PM

ඔය ක්ලෝරීන් වතුර අපට ඕන නැහැ. ගෙදර ළිඳේ හොඳට වතුර තියනවා. ළිඳට වතුර උණන එක කාටවත් නවත්වන්න බැහැ. දෙවියන්ගේ පිහිටෙන් අපට කවදාවත් ගං වතුර දාලත් නැහැ. නියඟයට ළිං සිඳිලත් නැහැ. ඒ වගේ පළාත්වල ජීවත් වෙන්න පින තියෙන්න ඕනෑ. මාසයක් එක දිගට වතුර කැපුවත් අපිට මොකද?

:       0       0

Chathuri Saturday, 22 February 2020 12:45 AM

ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරුවෙත් බොන්න දෙන්න වතුර නැති නිසා, අන්තිමට මිනිසාට වෙන්නෙත් බොන්න වතුර නැති වුණාට, කෙටි පණිවිඩ මාර්ගයෙන් එවන වතුර බිල දැකලා හුස්ම ටික යන එක...

:       0       1

mahinda Saturday, 22 February 2020 02:54 AM

වතුරවල කොමිස් නැද්ද? පාරවල් වලින් වගේ වතුර සැපයුම වැඩි දියුණු කරන ක්‍රම ගැන අහන්න නෑ.

:       0       1

ajith Saturday, 22 February 2020 05:21 AM

කඩවත, කැලණිය, බියගම, මල්වාන ප්‍රදේශවල ජලය සීමා කරන්න පටන් ගෙන 06 මාසෙටත් වැඩියි. මෙහෙ සීමා කරනවා කියන්නේ කපලා දානවා ඊට වඩා හොඳයි...

:       0       1

Buddika Saturday, 22 February 2020 06:05 AM

මේක අලුත් දෙයක්ද? දැන් මාසෙකටත් වැඩි කාලයක් තිස්සේ දවල් කාලෙට අපිට වතුර නැහැ. රෑට අඩු පීඩනයකින් වතුර ලැබෙන්නේ...

:       0       1

Nimal ... Saturday, 22 February 2020 11:23 AM

මේ විනාශ කරපු රට නැවත ගොඩ නැගීමට නම් මහා පරක්‍රමබාහු කෙනෙක් බිහි විය යුතුයි. පාංකඩයින්ගෙන් එය සිදු නොවෙන බව ස්ථිරයි.

:       0       1

wicky Saturday, 22 February 2020 03:44 PM

මේ සැරේවත් වැව ටික සුද්ද කරලා, රොන්මඩ ඉවත් කරලා, ඊලග වැස්සේදී පොළවට වැටෙන වතුර වැඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න ක්‍රමයක් බැලුවනම් හොද නැද්ද ? දවසක් වැස්සොත් සේරම පිටාර මට්ටමට එනවා. තව තවත් පුළුවන් තරම් ගස් කපන්න, වනාන්තර විනාශ කරන්න අැමතිලාට ඉඩ දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 786 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site