IMG-LOGO

ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්සානි

 

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම් 9 ක් ඉදිරිපත් කරමින්, නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඉන් නමක් අනුමත කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබේ.  ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය වන, පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ නම ඒ සඳහා තෝරාගනු ලැබ තිබේ. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ජාසිංහරාච්චි මහත්මිය1997 දී පොලිස් පරීක්ෂකවරියක ලෙසින් පොලිස් සේවයට බැඳුණු අතර වසර 2017 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක ලෙස උසස් කරන ලදී.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දැරූ (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි) ප්‍රථම කාන්තා නිලධාරිනිය වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි ප්‍රමිලා දිවකර මහත්මියයි. පොලිස් සේවයට බැඳුණු පළමු කාන්තා නිලධාරිනියද වූ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය දරමින් සිටියදී විශ්‍රාම ගත්තාය.

නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක් පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. 
 



අදහස් (8)

ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්සානි

D De Silva Monday, 21 September 2020 09:34 AM

ඉතා හොඳයි. ඇයට කාන්තා අයිතීන් සුරකින්න කටයුතු කරන්න පුළුවන්. ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්.

:       2       27

sharm warn Monday, 21 September 2020 09:37 AM

ඔබට අපේ උණුසුම් සුබ පැතුම්... හොඳ ගමනක් යන්න ලැබේවා.

:       2       27

විජිත් Monday, 21 September 2020 10:07 AM

සුබ පැතුම්...!!!

:       0       16

ඩී.එම්.එස්.මැදගම Monday, 21 September 2020 05:53 PM

නිදහස් අධ්‍යාපනයේ වැඩිම වාසිය හිමි වී ඇත්තේ කාන්තාවන්ටයි. මෙය සිදුවිය යුතුව තිබූ දෙයකි. ප්‍රමාද වී හෝ සිදුකිරීම සතුටට කරුණක්..

:       0       1

ඩී.එම්.එස්.මැදගම Monday, 21 September 2020 05:54 PM

නිදහස් අධ්‍යාපනයේ වැඩිම වාසිය හිමි වී ඇත්තේ කාන්තාවන්ටයි. මෙය සිදුවිය යුතුව තිබූ දෙයකි. ප්‍රමාද වී හෝ සිදුකිරීම සතුටට කරුණක්..

:       0       0

ඩී.එම්.එස්.මැදගම Monday, 21 September 2020 05:55 PM

නිදහස් අධ්‍යාපනයේ වැඩිම වාසිය හිමි වී ඇත්තේ කාන්තාවන්ටයි. මෙය සිදුවිය යුතුව තිබූ දෙයකි. ප්‍රමාද වී හෝ සිදුකිරීම සතුටට කරුණක්...

:       0       0

t.a.c.hemantha Tuesday, 22 September 2020 05:31 AM

උණුසුම් සුබ පැතුම්.!

:       0       0

Pathum Tuesday, 22 September 2020 09:10 AM

කාන්තාවන්ට උසස් නිලතල දුන්නාම පිරිමි කපෝතියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 672 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site