IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පළාත් 4 කට ඉදිරි පැය 24 දී තද වැසි

( සිරංගිකා ලොකුකරවිට) 
 
ඉදිරි පැය විසි හතරේ දී මිලි මීටර 200ට අධික වර්ෂාපතනයක් දකුණ, සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත් හි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
මේ දක්වා පවතින අධික වර්ෂාව මෙන්ම ඉදිරියේ දී ඇතිවිය හැකි තද වැසි හේතුවෙන් ගාල්ල, කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්කයන්හි නාය යාමේ අවදානම් සහිත ස්ථානවලින් හැකි ඉක්මණින් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා ඇත.
 
මේ වනවිට ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ, කළු ගඟ සහ කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් පහත් බිම් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවදුරටත් වැසි පවතින බැවින් ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානම් ප්‍රදේශයන්හි ජීවත්වන පුද්ගලයන්ට ද විමසිල්ලෙන් සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.



අදහස් (0)

පළාත් 4 කට ඉදිරි පැය 24 දී තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site