IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පරිප්පු - සීනි - සැමන් - බී ලූනු ආනයනික බද්ද ඉවතට

වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පරිප්පු,ටින්මාළු,බී ලූනු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

බදු ඉවත් කිරීම නිසා අද (13) රාත්‍රී සිට ටින්මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූනු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85 ක  මිලකට ගැනීමට හැකිවනු ඇත.

මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ.

පොල්සංවර්ධන මණ්ඩලය,කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩිකරඇත.

එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසේ.



අදහස් (29)

පරිප්පු - සීනි - සැමන් - බී ලූනු ආනයනික බද්ද ඉවතට

jagath G Tuesday, 13 October 2020 01:58 PM

එකම රටක්, එකම නීතියක්... එක එක දේශීය නිෂ්පාදන පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම්... කවුද මේවා කිව්වේ?

:       3       32

SankaWednesday, 14 October 2020 09:37 AM

කෝ මේ... බන්දුල සර්..? මේ දවස්වල දකින්න නැහැ. දත කට මූට්ටු වෙලා ඉස්පිරිතාලෙද දන්නේ නැහැ. කාටූන්වල නම් දැක්කා...

:       2       6

isiru Tuesday, 13 October 2020 02:00 PM

අපේ රටේ වැවෙන සියලු දේ පිටරටින් ගෙනඒම තහනම් කළා නේද ජනපති..? එහෙනම් ඇයි මේ අබරන් සීයේ..?

:       3       33

පාරිභෝගිකයාTuesday, 13 October 2020 03:48 PM

කහ නම් මේ ආණ්ඩුවට ඇලජික්...

:       4       24

fairoosWednesday, 14 October 2020 08:43 AM

ඇයි මිරිස්කුඩුත් ඇලජික්නේ.. ?

:       1       6

pradeepa Tuesday, 13 October 2020 02:12 PM

මේ බඩු කවදා ඉඳන් ජනතාවට පෝලිමේ ඉන්නේ නැතිව නිදහසේ ගන්න පුළුවන්ද? තමන් කැමැති ප්‍රමාණයක්... බඩු මාකට් එකේ නැතිනම් කාටද කෝල් කරන්න ඕනෑ නම්බර් කියන්න.

:       2       23

tikira Tuesday, 13 October 2020 02:20 PM

ඇයි ජනාධිපති කිව්වනේ පිටරටින් බඩු ගේන්නේ නෑ... මෙහෙ වවනවා කියලා.. ඇයි මේ?

:       3       29

dayasiriWednesday, 14 October 2020 12:27 PM

කියනකොට එහෙමයි.., කරනකොට මෙහෙමයි.

:       1       8

සමීර Tuesday, 13 October 2020 02:55 PM

හැට නව ලක්ෂයක පරපුරට දෙන්න පුන්නක්කු වල ගණන් අඩු කලේ නැද්ද සර් තාම..?

:       4       46

RanganaWednesday, 28 October 2020 11:11 AM

අද ඉන්දියාවේ ලොකු ලූනු මිල ලංකාවේ මුදලින් කිලෝවක් රුපියල් 170. ඒ අතින් ලංකාවේ ලාබයි.

:       2       0

B AnthonyWednesday, 04 November 2020 04:23 AM

රංගන මේ දෙන්නෙ ඉන්දියන් පකිස්ථාන් බී ළූණු නෙවෙයි. යුරෝපීය රටකින් ගේන ජරාවක්. කාලා බලන්න

:       0       0

de silva Tuesday, 13 October 2020 03:52 PM

ඔය කිව්වට වෙළෙන්දෝ ඔය බඩුමිල අඩුකරන්නේ නැහැ.

:       2       18

kamalTuesday, 13 October 2020 05:44 PM

මිල අඩු කරපු බඩු අපට ආවේ නෑ කියලා මුදලාලිලා කියයි.

:       2       12

Perera Tuesday, 13 October 2020 05:46 PM

පරිප්පු ඇමති, සීනි ඇමති සහ සැමන් ඇමතිට 69 ලක්ෂයක් ජනතාව හිස නමා ආචාර කරනවා.

:       3       20

karuWednesday, 14 October 2020 10:01 AM

අපොයි ඔව් එතුමන්ලා බුදුවෙන්න ඕනෑ. ඒ වගේම හොයාගන්න බැරිවෙලා තිබුණු කොරෝනා වයිරසයත් ඉන්දියාවෙන් නොමිලේම ආනයනය කොට බෙදාහැරියාට ඇඟලුම් කරුටත්, රජයටත් අපගේ ප්‍රණාමය.

:       1       15

rocky Wednesday, 14 October 2020 12:44 AM

ලොකු ලූනු ගොවියෝ ඉවරයි.

:       0       12

සැම් Wednesday, 14 October 2020 01:44 AM

තව ටික දවසකින් 20 සම්මත කරපුවහම පරිප්පු නොමිලේ කන්න පුළුවන්. හදිසි වෙන්න එපා සල්ලි දීලා කඩෙන් ගන්න.

:       2       20

Kapru Wednesday, 14 October 2020 04:07 AM

ආපු දවසේ ඉඳලාම ගත්තේ මෝඩ තීරණ... දානවා... ගන්නවා. ආනයන නවත්වන්න කළින් රටේ තත්වය බලන්න ඕනේ. ඊට පස්සේ ටික ටික නවත්වන්න ඕනේ. ආපු ගමන් ගාල කඩාගත්තු හරක් වගේ 69 ලක්ෂයේ ගැලරිය පිනෙව්වා. අනේ මම දන්නේ නැහැමේවා කොහෙන් කෙළවර වේවිද කියලා..

:       1       10

kamal Wednesday, 14 October 2020 05:11 AM

අන්න හරි, වැඩිපුර ගෙන්නවලා අපේ බඩකට පුරවන්න. ගෙන්වනකොට පිටරටට ඇදීයන අපේ මුදල් අපේ නෙමෙයිනේ..., චීනෙනේ...

:       1       8

isuru Wednesday, 14 October 2020 06:48 AM

69 ලක්ෂයටත් රට තනකොළ ගෙනාවොත් නරකද? 

:       2       9

kamal Wednesday, 14 October 2020 06:50 AM

කියන්නෝ කෙසේකීවත් අසන්නෝ සිහිබුද්ධියෙන් අහලා මීට පස්සේවත් ඡන්දේ දෙන්න පුරුදුවෙන්න.

:       2       6

wimal Wednesday, 14 October 2020 09:31 AM

දැන් අපේ රටේ මොන හේතුවකට, අහේතුවකට වුණත් ලැබෙන්නේ සැමන් ටිකයි, පරිප්පු හුණ්ඩුවයි. ඇත්තටම දියවන්නාවේ අයත් හැමදාම කන්නේ මේවද?

:       1       5

jagath Thursday, 15 October 2020 10:37 AM

එක රටක්, එක නීතියක්... මේ කියන දේ මේ වෙනස් කරන රටක් කොහේද තියෙන්නේ..?

:       1       2

Viki Thursday, 15 October 2020 02:16 PM

ගණන් අඩු කළාට සතොසේ බඩු නැහැනේ..

:       1       4

Kamal S Monday, 19 October 2020 03:18 AM

ගියපාර කොරෝනා රැල්ලට ටින් මාලු 100, පරිප්පු 65 . අම්මෝ 3වැනි රැල්ල නම් එපා.

:       1       2

PA - RA Thursday, 22 October 2020 07:46 AM

බදු අඩු කලද මහජනයාට සෙතක් නම් නැත.

:       1       0

De Wednesday, 28 October 2020 07:45 AM

අනේ පොම්පියෝ ඔයාට ගොඩක් පිං ඇවිත් අපිට සහන දීලා ගියාට.

:       2       2

B Anthony Wednesday, 04 November 2020 04:10 AM

අනේ සෑර් ඔය කියන ගණන් වලට කොට්ටාවෙ සතොසෙ නම් දෙන්නෙ නෑ. සැමන් 245/-, බී ලූණු 180/-, සුදු සීනි 110/- ඇවිත් බලලා හරි හිමින් සැරේ කාව හරි දාලා හරි බලන්නකො. අපිත් ආසයි 200/- සැමන් කන්න. බෝඩ් ගහලා විකුණන්නෙ. බිල ගෙනියන්න දෙන්නෙත් නෑ.

:       0       0

B Anthony Wednesday, 04 November 2020 04:17 AM

අනෙක මේවා යුරොපයෙන් ගේන ජරා ළූණුනෙ. අපි කෑමට අරන් පුරුදු ඉන්දියන් පකිස්ථාන් ළූණු නෙවෙයිනෙ. මීට ඉස්සෙල්ලා ජේ ආර් ආණ්ඩුවත් යාපනේ ළූණු ගොවියට පාඩම් උගන්නන්න මේවා ගෙන්නුවා මතකයි. හැබැයි අපේ අය ප්‍රතික්ෂේප කළ නිසා විසි වෙලා ගියා. මේ සැරේ මොනා වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1618 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site