IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන වලින් රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය ටොන් 150ක් කන්ටේනර් පෙට්ටි 8 ක පුරවා කෙරවලපිටිය විදුලි ව්‍යාපෘතියට දිනපතා යැවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය.
 
කරදියාන කසළ අංගනයට කසළ බැහැරලීමේ සීමාව උපරිමයට පැමිණීම හේතුවෙන් එයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
 
කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන හතකින් කසළ මුදාහැරීම මෙතෙක් සිදු කරනු ලැබූවද භුමි ස්ථායිතාව තුළ මතුවූ ගැටලුකාරී තත්ත්වයත් සමඟ එකී ආයතන සඳහා වාරණයක් පැනවීමට සිදු වු බව ඔහු පැවසීය.
 
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව,මහරගම නගර සභාව,හෝමාගම ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන වලින් ගෙන එන නොදිරන කසළ  කන්ටේනර් වල බහා විදුලි ව්‍යාපෘතියට යැවීමට පියවර ගෙන ඇති බවත් එසේ රැගෙන යන කසළ සඳහා ටොන් එකකට රුපියල් 1450 ක් ලෙස අය කිරීමටත් පැටවීමේ ගාස්තු ලෙස යම් අය කිරීමක් සිදු කිරීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
 
පලාත් පාලන ආයතන හතෙන් එකක් වන මොරටුව මහ නගර සභාව තමාගේ බල ප්‍රදේශය තුළ නොදිරන කසළ සඳහා මේ වන විට තිර විසඳුමකට පැමිණ ඇති හෙයින් ඔවුන්ගේ නොදිරන කසල  කරදියාන කසල අංගනයට මුදා හැරීම ඔවුන් විසින් මුළුමනින්ම නවතා දමා ඇති බවද ඒ මහතා පැවසීය.

කරදියන කසළ අංගනය බොරලැස්ගමුව , කැස්බෑව නගර සභාවන් දෙකට අයත් මායිම් භුමියක පිහිටා ඇති හෙයින් තව දුරටත් කරදියානට කසළ මුදාහැරීමට එකී පළාත් පාලන ආයතන දෙකට ඉඩ පහසුකම් සලසා දී ඇති බව සඳහන් කරන ඒ මහතා ඔවුන්ගේ කසළ විදුලි ව්‍යාපෘතිය සඳහා ප්‍රවාහනය නොකරන බව පැවසීය.

 විදුලි ව්‍යාපෘතිය සඳහා ටොන් 450 ක් පමණ යැවීමට පහසුකම් ලැබී ඇති බව සඳහන් කරන ඒ මහතා මේ වන විට ටොන් 150ක් යැවීමට පියවර ගෙන ඇති බවද පැවසීය.
 


 

 



අදහස් (1)

නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

Kamal Koyrala Monday, 25 January 2021 07:41 AM

කොපමණ විද්වත් ආණ්ඩුවක් කීවට අදටත් කුණුවෙන ආණ්ඩුවලින් මේවට විසඳුමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site