(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වේදනා පාලනය හෙවත් නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවන් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මේ සඳහා ප්‍රථම කණ්ඩායමට හෙදියන් 42 නකු තෝරාගෙන ඇති අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේදී එම පාඨමාලාව පවත්වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
දියුණු රටවල විශේෂිත අංශ සඳහා වෙන වෙනම හෙදියන් පුහුණු කරන අතර ඒ අනුව යමින් ඉදිරියේදී දැඩි සත්කාර සේවා , හදිසි ප්‍රතිකාර සේවා , ආසාධන පාලනය,ළමා රෝග පාලනය ආදී වශයෙන් වෙ වෙනම හෙදියන් පුහුණුකරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
COMMENTS
ආයේ කතා දෙකක් නැහැ ජී.එම්.ඕ. එකෙන් ඕකටත් විරුද්ධව වර්ජනය කරනවා. සුවසැරිය ගිලන් රථ සේවයට විරුද්ධ වුවා අපට අමතක නැහැ. ඒ වගේම හෙදියන් සඳහා උපාධියක් ලබාදීමට කටයුතු කලාම රජයේ දොස්තර සංගම් විරුද්ධ වු බවත් අපට අමතක නැහැ. සෞඛ්‍ය ඇමතිවරයාට බොරු චෝදනාවක් නගමින් මේ වැඩසටහනත් අකර්මන්‍ය කිරීමට මොවුන් කටයුතු කරනවා ඒක අනිවාර්යයි.
මේ වැඩේට දොස්තර උන්නාන්සේලගෙන් අවසර ගත්තද?
සෞඛ්‍ය ඇමති තුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මේ විශේෂ පුහුණු පාඨමාලාවත්, අර කල්ලිය වර්ජනය කරලා නවත්වයිද දන්නේ නැහැ?
හොද වැඩක්. රාජිත ඇමතිතුමනි ඔබට ජය
මෙන්න හෙදියන්ට දොස්තරලගෙ වැඩ පවරන්න යනවෝ...
දියුණු රටවලනම් දැඩි සත්කාර ඒකකවල සේවය කරන හෙදියන්ට විශේෂිත පුහුණුවක් ලබාදීලා තමයි එම ඒකකවල සේවයට යොදවන්නේ. මෙතෙක්කල් මෙරට එවැනි ක්‍රියාදාමයක් නොතිබීම පුදුමයට පත්වියයුතු කරුණක්. සමහරවිට එසේ නිසි පුහුණුවක් නොලද හෙද නිලදාරීන් යෙදවීමෙන් අහිංසක ජිවිත ගණනාවක් විනාශ වෙන්නත් ඇති.