(ඩයනා උදයංගනී)
නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (4) පස්වරුවේ දිවුරුම් දුන්හ.
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මියත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් මෙලෙස දිවුරුම් ලබා දී තිබේ.


COMMENTS
අපිට කවදා හෝ අහන්න දකින්න ලැබෙනවානම් කිසිම ආණ්ඩුකාරයෙක් මින් පසු පත් නොකෙරේ කියලා අන්න එදාට අපි කැවුම් කිරිබත් කනවා. ඒ කියන්නේ පළාත්සභා ක්‍රමය අහෝසි වූ දවසට අපි ඉහලින්ම සතුටු වන බවයි.
නියමයි. නැගෙනහිරටත් අපේ සිංහල නායකයෙක්. ජය වේවා
පළාත් සබා ක්‍රමයක් අවශ්‍යම නැහැ මේ තනතුරට පත් වෙන අය යහමින් ගොඩ. ප්‍රදේශයට කිසිම සුගතියක් නැත. කිසිම දැන උගත් අයත් නොවේ මේ තැන් වලට පත් වන්නේ නිකරුනේ මුදල් නාස්ති කිරීමක්
"ආණ්ඩුකාර" කියලා රටේ බදු ගෙවන ජනතාවගෙන් නඩත්තු වුනත් රටට පලකට ඇති වැඩක් මේ අයගෙන් වෙනවද කියලා කාට හරි කියන්න පුලුවන්ද?
මං හිතන්නේ අපේ රටේ සියලුම දේශපාලනික ආයතන පිහිටුවල තියෙන්නේ ජනතාවගේ උවමනාවට නෙමෙයි. වෙන දේශීය හෝ විදේශීය බලවතෙකුගේ උවමනාවට. අපි නිවටයෝ වගේ හැම දේකටම එකඟ වෙලා කට වහගෙන ඉන්නවා. කිසිම වැඩකට නැති 1948 ව්‍යවස්ථාවේ සෙනෙට් සභාව සුද්දන්ගේ උවමනාවට අපේ සල්ලි කන පළාත් සභා ක්‍රමයයි ආණ්ඩුකාරයෝයි ඉන්දියාවේ උවමනාවට, "බහුබුත ව්‍යවස්ථාව" ජේ.ආර්. ගේ උවමනාවට. ඒ බහුබූත ව්‍යවස්ථාව ඉවත් නොකර අද වෙනතුරුත් තියාගත්තේ, එදා සිට අද දක්වා සිටි නායකයින්ගේ උවමනාවට. අපේ උවමනාවටත් මොනවා හරි හදන්නකෝ.