( ලලිත් නවරත්)
ඇදිරිනීතිය නොතකා අයුතු ජනරාශියක් අවමංගල්‍ය උත්සවයකට සහභාගී කළ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී වරයා ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.
සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත් මැයිමස 26වන දින නැවත සැකකරුට අධිකරණය් පෙනී සිටීමට නියෝග කළේය. .
මෙසේ ඇපමත නිදහස් කරනු ලැබුවේ ආරච්චිකට්ටුව ප්‍රාදේශි යසභාවේකරුක්පනය කොට්ඨාස එ. ජා. ප. ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප‍්‍රනාන්දු නැමැත්තාය .
ඉකුත් 28දින ඇදිරිනීතිය පැවත්වෙන කාලසීමාවතුළ එම ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට 30ට අධික පිරිසක් ඒකරාශිකරමින් ආගමික කටයුතු සිදුකරමින් සිටියදී එම අවස්ථාව වලක්වාලිමට කටයුතුකළ නාවික හමුදා නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන ඔවුන්ගේ රාජකාරියට බාධාඇතිකර ඇති අතර අදිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවටගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදා රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගත් ප්‍රා.ස මන්ත්‍රීට ඇප
Kavinda Tuesday, 31 March 2020 12:58 PM
මෙ අය තාම ගෙදර ඇරියේ නැද්ද?
නන්නාදුනන හාදයා Tuesday, 31 March 2020 01:30 PM
මොනවට උසාවි ගෙනිච්චද....? ඔලුවටම තියලා දාන්නයි තිබුනේ... අනික රටට වැදගත් එකෙකුත් නොවෙයිනේ. අපේ රට හොරාකන එක විතරය් කරන්නේ. ඒ අය තමයි නියම හිඟන්නෝ.
Raveendra Tuesday, 31 March 2020 01:42 PM
මෙවන් අවදානම් අවස්ථාවක මහජනතාවගේ ආරක්ෂාවට බාධා වන ලෙස හැසුරුණු මෙම " ප්‍රාදේශීය සබාවේ වසු පැටියාට " උපරිම දඩුවම් නොලැබීම පිලිබදව අපගේ බලවත් කනගාටුව. අප එසේ සදහන් කරන්නේ " මෙම දියවන්නඔයේ පට්ටියේ සාමාජිකත්වය " අනාගතේ කිසියම් දිනක ලබාගත්තොත් කෙසේ මහජනතාවට කරදරවන ලෙස හැසිරේද යන පැනය අපගේ සිත්තුල බුර බුරා නැගෙන බැවිනි. නීති දෙවගන ඉදිරියේ එම පැනය නොනැගුනේ මන්ද? කිසිදු අධ්‍යාපනයක් නොලැබුණු නුගත් අපගේ සිත්වලට එන එම පැනය උගත් බුද්ධිමත් සුදු සරම් ඇදගත් උන්දලාගේ සිත්වලට නොපැමිණියේ මන්ද?
Bamunuarachchi Tuesday, 31 March 2020 02:00 PM
300 ඉදිරිපිට වීරයෙක් වෙන්න හදන්න ඇති. අහන්න දෙයක්ද පළාත සබැ කාරයෙක් ඔහොම කරන එක උගත් යයි අපි හිතුව නීතිඥය මන්තිරියෙක් නුවර එළියේ අනවසර ගොඩනැගිල්ලක යකා නටුවේ වීරයෙක් වෙන්න.