IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


නව අමාත්‍යංශ දෙකක්

 

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ‍ජනාධිපතිවරයා ඉතුක් සිකුරාදා (20) මෙම අතිවිශේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
 
ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත. මින් පෙර පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තබා තිබිණ.
 
තාක්‍ෂණ අමාත්‍ය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද සිකුරාදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සංශෝධනය වී තිබේ.

 

-036



අදහස් (17)

නව අමාත්‍යංශ දෙකක්

isuru... Sunday, 22 November 2020 03:53 PM

සර් කැබිනට් මැතිවරු 225 කට වැඩි වෙවිදෝ මන්දා සර්...?

:       53       52

suddaMonday, 23 November 2020 12:11 AM

ඒ කියන්නේ අනුර කුමාර සහ සජිත් ඇතුලු පිරිසත් ඇමතිවරු වෙන්න කියලද​? 225ට එයාලත් අයිතියි.

:       0       0

RasikaMonday, 23 November 2020 05:30 AM

අමාත්‍යාංශ පිහිටුවලා මිසක් අලුත් ඇමැතිවරු පත්කරලා නැහැ.

:       8       3

sunandaMonday, 23 November 2020 08:05 AM

තව කල් තියෙනවනේ. කවුරු හරි එන්න ඉන්නවා ඇති.

:       1       9

chandima Sunday, 22 November 2020 10:33 PM

වඩේ හරියට නොකළ නිසානේ මාරු කරන්නේ. ඉතින් ඒ ෆේල් වෙච්චි කට්ටියට වෙන එකක් දුන්නත් ඔයටිකම නේද වෙන්නේ?

:       0       0

ලුම්බිණි Sunday, 22 November 2020 11:09 PM

හැන්ද තියෙන වෙලාවට බෙද‍ාගන්න එක කාගේත් සිරිතක්නේ...

:       0       0

Prasad Monday, 23 November 2020 02:12 AM

තව අමාත්‍යාංශ 3කුත් තියෙනවා. ගංජා අමාත්‍යාංශය, පිරිත් කීමේ අමාත්‍යාංශය, මුට්ටි දැමීමේ අමාත්‍යාංශය

:       0       0

NASA Monday, 23 November 2020 02:53 AM

බහුතරයකගේ ඉල්ලීම...

:       0       0

athula Monday, 23 November 2020 06:28 AM

අනේ දෙවියනේ අපේ රට මොනතරම් අගාධයකට අැදන් යනවද කියලා බොහෝ අයට නොතේරෙන එක මහා අවාසනාවක් මෙයා අද භාණ්ඩාගාරයට එන මහජන ධනය දිලිප් ජයවීර සහ නිස්සංක සේනාධිපති හරහා එයාගෙ නමට හරවාගෙන රටම විකුණාගෙන කනවා. මේ ව්‍යයසනය තේරුම් ගන්නේ කවදාද ජනතාව ...?

:       2       8

Rata Perata Monday, 23 November 2020 07:16 AM

ලංකාවේ අසාර්ථකම ජනාධිපති.

:       82       19

දොලේවත්තMonday, 23 November 2020 09:35 AM

ඒ සමග ලෝකයේ මෝඩම ජනතාව....

:       1       13

Nandalal DE SILVA - FranceThursday, 26 November 2020 04:34 PM

පිස්සුද ඔය ලොකු තැන්වලින් නිතරම පම්පෝරි ගහන දෙය .. ඔබ තවම අහලා නැද්ද? 69 ලක්ෂයක් අපට බලය දුන්නා. කියන්නේ කට කහනවටද? අපට ඕනෑ දේ අපට ඕනෑ වෙලාවට කරගන්න කාගේ අවසරද ඕනෑ? කියන එක නේද? ඔබ ඒ ගැන දන්නේ නැතිනම් අර හිටපු සිරිසේන ලොක්කා වගේ පත්තර ටිකක් කියවන්නකෝ...

:       0       0

fairoos Monday, 23 November 2020 08:09 AM

සර් ගැසට් ගහලාම රෙකෝඩ් එකක් තියයි වගේ.

:       18       14

Nandalal DE SILVA - FranceWednesday, 25 November 2020 04:15 PM

දැනටමත් ජනාධිපති සර්, ‘‘ගැසට් සර්‘‘ හැටියට වාර්තාවක් තියලා තියෙනවා. සිරිසේන ලොක්කා නම් රෑ එළිවෙනකම් අත්සන් ලක්ෂ ගණනක් ගහලා අතේ මොකක්ද අසනීපයකුත් හැදුණලු. ගෝඨා සර්, මෙහෙම ගැසට් අත්සන් කරන්න ගියොත් එයාටත් ඔය ලෙඩේම බෝවෙන්න පුළුවන්...!!! 

:       0       1

duminda Monday, 23 November 2020 10:29 AM

මොනවද මේ විහිළු? තව ඇමැතිලා ටිකක් ඕනෑ වගේ රට හදන්න..

:       0       2

Appuhami Monday, 23 November 2020 01:13 PM

ඇමැතිවරු නම් කොච්චර හිටියත් කමක් නැහැ. අපිට ප්‍රාෙද්ශීය සභා.., පළාත් සභා නම් තවත් එපා.

:       0       0

Damith Tuesday, 24 November 2020 07:42 AM

මොකක්ද අලුත්..? අපිට තියෙන්නේ අමාත්‍යාංශ ඉතා අඩු ප්‍රමාණයක්. මේ විකාර නවත්වන්න. අපි හිතුවා ඔයාට මොලයක් ඇතියි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site