IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දොස්තර වර්ජනය අවසන්

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (24) දහවල් පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ද එම සංගම කියයි.  විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ සෞඛ්‍ය අමාතයංශ පරිශ්‍රයේදී 21 වනි දා එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටපුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කළේය.



අදහස් (40)

දොස්තර වර්ජනය අවසන්

ravin Saturday, 24 June 2017 07:23 AM

තව ප්‍රවෘත්තියක් තියනවා. පිටරටින් දොස්තරවරු ගේන්න යනවා කියලා. අනේ මන්දා...

:       207       714

senioiSaturday, 24 June 2017 08:28 AM

මේ පිටරටින් නෙවෙයිනේ... සයිටම් එකෙන්නේ...

:       140       55

suppaSaturday, 24 June 2017 08:30 AM

මරු ... ඒ වැඩේ නම් හොඳයි.. තවත් අසනීපයක් සනිප වුණා.

:       192       208

lokka Saturday, 24 June 2017 07:25 AM

මේකෙන් පස්සේ මොකක්ද ආයෙත් වෙන්නේ.. ? වෙන එකක් කරළියට එයි...

:       1       69

nishan Saturday, 24 June 2017 07:27 AM

තව දවසක් දෙකක් ඇදුනා නම් වර්ජනය නවත්වන්නේ රටේ ජනතාවයි.

:       5673       6214

antharani Saturday, 24 June 2017 07:30 AM

තව අම්බලමක්වත් අත්පත් කරගතහොත් මොකද? එතකොට නම් සටන දිනුම්...

:       108       173

Gamini Saturday, 24 June 2017 07:34 AM

ඇත්තටම අසාධාරණ වැඩ වර්ජනයක් කලේ. අඩුම ගානේ කලින් දැනුම් දිමක් කලෙත් නැ. සාමාන්‍ය ජනතාවගෙන් මේ අයට සහයෝගය ලැබෙන්නේ නෑ. ඇත්තටම සයිටම් පටන් ගත්තේ හිටපු ජනාධිපතිතුමා. ඒක හොඳ ආරම්භයක්. ඒ අයම ඒකට විරුද්ධයි. එතකොට වෛද්‍යවරු මුනිවත රැකලා දැන් මේ ආණ්ඩුවට විසඳන්න කියනවා. තව දුරටත් වර්ජනය තිබුණා නම් හුඟක් වෛද්‍යවරුන් වැඩ කරයි. උගත් මධ්‍යස්ථව හිතන දෙවියෝ වගේ වෛද්‍යවරුත් ඉන්නවා. මාවතගම වැඩ කලේ ඒ වගේ වෛද්‍යවරු. වෛද්‍යවරු ජීවිත රැක දෙනවා තමයි. හැබැයි මේ වර්ජනය නිතර කරන නිසා වෛද්‍ය වෘත්තියට කැළලක් වෙනවා. මොකද වෛද්‍යවරුන්ගේ සංගමයට බලයක් තියෙනවා. ඒ අයට රෝගීන් ට ‍ප්‍රතිකාර නොකරපුවාම එතන ප්‍රශ්න ගොඩයි. හැබැයි උගත්, බුද්ධිමත් අය බලය අතේ තිබුණු පමණින් ඒවා අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්නේ නෑ.

:       7600       5109

FUTTa Saturday, 24 June 2017 07:35 AM

එහෙනම් දැන් ඉස්පිරිතාලවලට ගිහින් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ !!!

:       64       81

minisa Saturday, 24 June 2017 07:36 AM

හොඳ වෙලාවට පණ බේරිලා . නැතිනම් මිනිස්සු ගහනවා...

:       1291       1511

G.karunaratne Saturday, 24 June 2017 07:47 AM

මේ රටේ මිනිසුන් ආරක්ෂා කර ගන්න. බුදු සරණයි...

:       33       41

Sandya Saturday, 24 June 2017 07:51 AM

ජනාධිපතිතුමනි, මේවා පාලනය කරන්න හිටපු ආරක්ෂක ලේකම්තුමා හෝ හිටපු හමුදාපති වැනි අයෙකු පත් කළ යුතුයි.

:       729       1367

senior citizen Saturday, 24 June 2017 08:25 AM

තවත් කට්ටියක් ඉන්නවා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ඇතුලේ...., ගොඩක් නෙවෙයි, බොහොම අතළොස්සක්....

:       42       192

bandaSaturday, 24 June 2017 11:24 AM

මේ දොස්තරවරු ජනප්‍රිය වෙන්නයි යන්නේ...

:       28       64

wimal Saturday, 24 June 2017 08:55 AM

දොස්තර වර්ජනය අවසන් වුණාට දැන් නම් තුට්ටු දෙකේ රස්සාවක් බවට පත්වෙලයි තියෙන්නේ...

:       1111       1226

lokka Saturday, 24 June 2017 11:29 AM

සයිටම් දොස්තරලා පිට වෙනකොට අනික් දොස්තරවරු වැඩේ අහවර කරලා ඉවරයි.

:       3       37

antharaniSaturday, 24 June 2017 06:13 PM

නෙවිල් ෆෙර්ණන්ඩ් මහතයෝ තව සයටම් වගේ 10 ක් දාල මුන්ගේ ඔලුව බස්සන්න .පින් සිදුවෙයි.

:       3       16

husen-riyad Saturday, 24 June 2017 09:12 AM

රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන දුප්පත් සහ අසරණ ලෙඩ්ඩුන්ට කරන ද්‍රෝහිකමට විරුද්ධව රටේ සාමාන්‍ය ජනතාව, දේශපාලකයන්ගේ අතකොළු බවට පත්ව සිටින ඔය දොස්තරවරුන්ට කාලෙකට අමතක නොවෙන පාඩමක් උගන්වන දිනය වැඩි ඈතක නැහැ කියලයි කියන්න තියෙන්නේ. ආරම්භයක් හැටියට අපි ඒක ඊයේ හලාවතින් දැක්කා. එදාට ඔය කට්ටියම "ඇයි මම දොස්තර කෙනෙක් වුනේ ..? " කියලා හිතෙන්නත් බැරි නැහැ.

:       1080       1274

රොමේෂ් Saturday, 24 June 2017 09:36 AM

සයිටම් පටන්ගත්තේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් නෙමෙයි නම් මෙලහකට මේ දුර්වල ආණ්ඩුව ගෙදර ගිහින්. නමුත් අද හෙලන කිඹුල් කඳුළු නිසා මේ සාධාරණ සටන තරමක් අඩපණ වෙන බවකුයි පෙනෙන්නේ. මේ දේශපාලනය විසින් සැබෑ ජනතා ප්‍රශ්නයක් දියාරු කරහැරීම ඉතාමත් කණගාටුවට කරුණක්... නමුත් බහුතර ජනතාව මෙතැනදී ස්වාධීනව සිසු අරගලය සමග සිටීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්...

:       1270       1355

pradeepSunday, 25 June 2017 03:15 AM

මොන රටේ බහුතර ජනතාව ගැනද ඔබ කියන්නේ ? තව ටික දවසකින් මින්ස්සු තමා මොඋන්ට ගහල එලවන්නේ

:       0       20

බද්රානි Saturday, 24 June 2017 09:41 AM

ලංකාවේ තිබෙන වෛද්‍ය ඒකාධිකාරය නැති කිරීමට නම්, පිට රටින් දක්ෂ වෛද්‍යවරුන් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කලයුතුයි. රෝගයකට ප්‍රතිකාර ගැනීමට දොස්තරගේ ජාතිය ජන්මය වැදගත් වන්නේ නැත. අවශ්‍ය වන්නේ, දක්ෂ කාරුණික වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක සේවාව පමණයි.

:       485       637

ප්‍රසන්නSaturday, 24 June 2017 05:46 PM

වෙනත් රටක හොද වෛද්‍යවරයකුගේ මාසික පඩිය අවම වශයෙන් රුපියල් ලක්ෂ 11-12 ක් පමන වනවා. මේනිසා තමයි බොහෝ වෛද්‍යවරු වෙනත් රටවල් වලට සේවයට හෝ ස්ථිර පදිංචියට යන්නට තීරනය කරන්නේ. අප තේරුම් ගතයුතු එක් දෙයක් වන්නේ ලංකාවේ වෛද්‍ය පහසුකම් හොදින් පවතින්නේ අපට හොද පුහුණු වෛද්‍යවරු, හෙද හා අනිකුත් වුර්තිකයන් සිටින නිසයි. මා පවුද්ගලිකව විස්වාස කරන්නක් තමයි, රටේ ඉන්නා වෛද්‍යවරුන්ට, හැමදෙයටම පිටරටවලින් බෙහෙත් ගන්නා අගමැති රනිල්ට, ඇමති රාජිතට, ජනාදිපති සිරිසේනට, හිටපු ජනාදිපති මහින්දට හෝ අනිකුත් දේශපාලකයනට වඩා හැගීමක් හා කැක්කුමක් තිබෙන බව. ඔබලාම මදක් හිතන්න..... ප්‍රසන්න

:       42       3

බද්රානිSunday, 25 June 2017 06:43 AM

අනේ, ප්‍රසන්න ලංකාවේ කිසිම හිතක්, පපුවක් නොමැති දොස්තර කෙනෙකුගේ මාසික අදායම ඔය වගේ තුන් හතර ගුණයක් වෙනවා.. වෙනත් රටවල වෛද්‍යවරු ඔවුන්ගේ වැටුප ගන්නේ පැය අටක් රජයේ රෝහල තුළ සේවය කරලා. අපේ රටේ බහුතරයක් දොස්තරලා රජයේ රෝහලේ සේවය කරන පැය ගාන අනුව ඔය ගෙවන වැටුප ඕනෑවටත් වඩා වැඩියි. අපි ලෝකේ බොහෝ රටවල වෛද්‍යවරු දැක තිබෙනවා. ඔවුන් ගුණවත් වගේම කාරුණිකයි. අපේ රටේ දොස්තරලා වගේ ටයි පටිය කරේ බැඳගෙන නලාව කරේ එල්ලගෙන පුම්බගෙන ඉන්න බවක් නම් අප දැක නැහැ. කරුණාකර පිටරට වෛද්‍යවරු ලංකාවට ගෙන්වා ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශය අපේ රටේ දොස්තරලට ලබා දෙන්න. රජය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       0       0

piyaruwan Saturday, 24 June 2017 10:29 AM

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ වෘත්තීය සමිතියක්. වෘත්තීය සමිතියකට තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් සටන් කරන්න විතරයි පුළුවනි කියලා නීති ගෙන ආ යුතුයි... එතකොට කිසිම වෘත්තීය සමිතියකට ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය හෝ වේවා වෘත්තීය නොවන වෙනත් කාරණයක් හෝ වේවා දඩමීමා කරගෙන මහජනතාවට පීඩාවෙන පරිදි වැඩ වර්ජන කිරීමට නීතිමය ඉඩක් නොලැබෙනවා නේද?

:       172       864

පුෂ්පකුමාර Saturday, 24 June 2017 10:32 AM

මොකද කට්ටිය එකපාරටම නැවැත්තුවේ? වැඩිය දැඟලුවොත් කට්ටියට අත්වෙන ඉරණම ගැන මුකුත් සඳහනක් කළාද? විකට සටන් කියන්නේ ඕවට තමයි...

:       325       542

sen Saturday, 24 June 2017 11:20 AM

දොස්තර මහත්තයෝ මේ දවස් වල වැඩිය එළියේ ඇවිදින්න එපා. වැහි නැති හෙණ පාත්වෙයිද දන්නෑ?

:       286       510

disanayaka Saturday, 24 June 2017 11:25 AM

දැන් සනීපද දොස්තර මහත්වරුනි. අහිංසක රටවැසියනි. අනිත්පාර මේ දොස්තරලා මේ වගේ තම වෘත්තියටවත් ගැලපෙන්නේ නැති වැඩ කලොත් වහාම ක්‍රියාත්මක වෙන්නයි තියෙන්නේ රතුපාට කතිර පැත්තක තියලා. දැනටමත් අහිංසක ජනතාව කීදෙනෙක් වලපල්ලට ගිහින්ද දන්නේ නෑ.

:       162       333

clakmal Saturday, 24 June 2017 12:46 PM

දන්නා කෙනෙක් ඉන්නවද මේ අයට විරුද්ධව නඩුවක් දාන්නේ කොහොමද? කියලා කියන්න...

:       70       147

Ekanayake Saturday, 24 June 2017 01:26 PM

වෘත්තීය සමිතියක් විසින් කටයුතු කලයුතු ආකාරය රජයේ සේවකයන්ට අදාල ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එයට පටහැනිව කටයුතු කරන සේවකයන්ට විරුද්ධව විනය පියවර ගත යුතුය. දොස්තරලා ලිහා. දාපු හරක් රංචුවක් වගේ හැසිරෙන්න ඉඩ දීල නිකන් බලාගෙන ඉන්නේ රජයේ කොන්ද පන නැති නිසාද?

:       32       113

wansanatha Saturday, 24 June 2017 02:15 PM

ගලේවෙල දොස්තරට දුවන්ට දුන්න වගේ මෙයාලටත් දුවන්නම දෙන්නයි තිබුනේ? වෛද්‍ය සේවයටත් මේක නින්දාවක්....

:       75       170

Kamal Saturday, 24 June 2017 04:57 PM

ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? මොකටද පඩි ගෙවන්නේ?

:       0       40

Susil Saturday, 24 June 2017 05:10 PM

මේ සංගමයට හේතුවක් අවශ්‍ය නැහැ වර්ජනයකරන්න. මුලින් පටන් ගත්තෙ සයිටම් ප්‍රමිතිය සහ ඉන්දීය වෙළඳ ගිවිසුම, ප්‍රමිතිය හදන්න රෝහල පවරගත්තට පස්සෙ කිව්ව "නැහැ" සයිටම් සම්පූර්ණයෙන්ම වහන්න ඕන කියල. ඒකට ආණ්ඩුව "හා" කිව්වෙ නැති නිසා, දන් සිල්ලර හේතුවලට ස්ට්‍රයික්. අන්තරේ එවුන් පාරට බැහැල ගුටි කෑවාම පහුවෙනිදට මේගොල්ලො ස්ට්‍රයික්.. ප්‍රතිපත්තියක් නැති සංගමයක්....

:       0       117

Mataraya Sunday, 25 June 2017 02:13 AM

කෙසේ වෙතත් රටේ ජනපති මෛත්‍රිපාල සහ අගමැති රනිල් කියල දොස්ටරලා පිළිගත්. එකත් රාජිතගේ ලොකු ජයග්‍රහණයක්.

:       0       13

gallge Sunday, 25 June 2017 02:27 AM

අය්යෝ අපරාදෙනේ. හිටියත් නැහැ වගේනේ. තව ඔහේ ගියානම් අවුලක් නැහැනේ. කොහොමත් මිනිස්සු ගැන හිතන ජාතියක් නෙමෙඉනෙ.

:       0       25

rohana Sunday, 25 June 2017 04:14 AM

විමල් ඔයා හරියටම හරි.මෙයාලට වර්ජන කරන්න අයිතියක් නැහැ.මෙයාල කරන්නේ සේවයක්.අනික පිටරටින් දොස්තරලා ගෙන්වල මෙයාකගේ ලයිසන් එක නැතිකරනවා කියපු ගමන් මෙයාල වර්ජනය ඇත හැරියා නේද? දොස්තර රස්සාව බල්ලට අැදල දැම්ම මේ කට්ටිය.මගේ සිය දොස්තර කෙනෙක් දැන් නැතිවෙලත් අවුරැදු 25 වෙනවා හැබැයි එය කවදාවත් ඔහොම බලු වැඩ කරලා නැහැ.එයා වැඩ කලෙත් දුෂ්කර පලාතක දරුවෙක් අරන් බෙහෙත් ගන්න ආපු අම්ම කෙනෙකුට පාමසියෙන් ගන්න බෙහෙතක් ( රෝහලේ එම බෙහෙත තිබිල නැහැ) ලියල දුන්නම ඒ අම්ම අන්දලා සල්ලි නැහැ කියල මගේ සිය එයාගේ අතේ තිබුන මුද්ද ගලවල දීල මේක අරන් ළමයට බෙහෙත් අරන් දෙන්න කියල සීයාගේ මරණේ දවසේ අපි එක දැනගත්තේ මොකද ඒ අම්ම ඇවිත් අඬමින් කිව්වේ දැන් එහෙම දොස්තරලා ඉන්නවද? දොස්තර වරුණේ පපුවට තට්ටු කරලා බලන්න ඔයාල ඉගෙන ගන්නේ අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඔයාල ලබන ආත්මේ ඉපදෙන්නේ බල්ලෝ බළල්ලු වෙලා.

:       0       474

SusilSunday, 25 June 2017 06:04 AM

අනුන්ගේ දේවල් ගන්න තමයි ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ...

:       0       0

LakviduSunday, 25 June 2017 06:39 AM

ඔයාගේ සීයගේ කතාව හින්දි චිත්‍රපටියකත් තිබුණා...

:       0       3

ReksSunday, 25 June 2017 06:41 AM

අනේ,... ඒ කියන්නේ ඔයාගෙ සීයාගේ අතේ සල්ලි තිබිලා නැද්ද?

:       0       2

Ramsi Sunday, 25 June 2017 06:44 AM

අනේ මට ඔයාගේ දුප්පත් දොස්තර සීයගේ නමයි, වැඩකරපු ඉස්පිරිතාලෙයි කියන්න පුළුවන්ද?

:       0       2

rohana Sunday, 25 June 2017 01:33 PM

ඇයි මගේ සීයාට එහෙම කතා කරන්නේ?

:       0       0

Shani Monday, 26 June 2017 05:16 AM

ඉන්දියාවේ ඉන්නවා ඕන තරම් දොස්තරලා ඉහළම සුදුසුකම් තියෙන... නමුත් රස්සාවල් නැතිව. ඕන වෙලාවක මෙහාට එන්න ලෑස්ති පිට. මෙහෙ ඉන්න විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරු ගන්න භාෂාව පරිවර්තනය කරන්න ඕනෑ නම්. දෙගොල්ලොන්ටම යන පඩිය දැන් දොස්තර කෙනෙකුට ගෙවන ගාණට වඩා අඩුයි. ඒගොල්ලෝ බදු රහිත වාහන ඉල්ලන්නෙත් නැහැනේ. රටටත් හුඟක් ලාබයි. මේ ගොල්ලෝ ගෙදර යවන්න. ප්‍රශ්නේ ඉවරයි. ජනතාවටත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 140 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 180 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 210 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 400 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1906 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 281 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site