(නිමල කොඩිතුවක්කු)
පාසල් දරුවකුගේ දෙමව්පියන් කවර ආකාරයකින් හෝ අහිමිවුවහොත් රජය මගින් නොමිලේ හඳුන්වාදී ඇති සුරක්ෂා රක්ෂණය මගින් එම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙතෙක් එම රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයකදී පමණක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2019 දෙසැම්බර් 01 වැනිදා සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි දරුවන්ට එම ප්‍රතිලාභ හිමිවේ.
සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ වයස අවුරුදු 5 – 21 වයස් සීමාවේ පසුවන සියලුම පාසල් දරුවන් වෙත ලබාදීම රජයේ අරමුණ වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටලුවක් ඇතිවුවහොත් අධ්‍යාපන අමාතත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112 784 163, 0113 641 555, 0112 784 872 යන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක අලුත් කළ දෙයක්ද? නව ඇමති කිව්වා වගේ දේශපාලන බේදයකින් පසුගිය රජයෙන් ඇතිකළ මෙම අගනා ව්‍යාපෘතිය අගය කළ යුතුයි. මේකට එරෙහිව කතා කරන බොහෝදෙනා මෙය තුළින් පෞද්ගලික වාසි ගන්න බැරිවුණු හා බලාඉන්න අයයි. නේවි එකෙන් කරපු ව්‍යාපාරය මංකොල්ල කාලා තමන් නිර්මාණය කළ එකක් වගේ රටේ සල්ලි හොරකන් කළා වගේ මේකට වෙන්න දෙන්න එපා...
දැන් මේක අලුත් කළ දෙයක්ද. නව ඇමති කිවුවා වගේ දේශපාලන බේදයකින් පසුගිය රජයෙන් ඇතිකළ මෙම අගනා ව්‍යාපෘතිය අගය කළ යුතුයි. මේකට එරෙහිව කතා කරන බොහෝදෙනා මෙය තුලින් පෞද්ගලික වාසි ගන්න බැරි වුණා බල ඉන්න එවුන්. නැවි එකෙන් කරපු ව්‍යාපාර මංකොල්ල කලා තමන් නිර්මාණය කල එකක් වගේ රටේ සල්ලි හොරකන් කළා වගේ මේකට වෙන්න දෙන්න එපා??
ලොකු වැරදීමක් ඔය ලක්ස දෙකක් වන්දි ලැබීම 2019 ජනවාරි වල සිටම ලබාදුන්නා. අනික දෙමාපියන්ගේඕනම මිය යාමකදි වන්දි දෙන්න ගත්තේ 201 නොවැම්බර් මාසයේ සිට. කොහේද අපේ අය දැන්වත්වෙනවට වාඩා විවේචන අධික වුණේ. වත කෙනෙක්ට බලය දෙන්න
මේ පරණ යෝජනාවම නේ, වචන එහා මෙහා කරලා පමණයි. යහපාලන රජය කළ යහපත් වැඩක්. ඉදිරියටත් පවත්වාගෙන යාමට තීරණය කිරීම කොපමණ හොඳ දෙයක්ද?
දෙමව්පියන් මියගියා නම් කරන්න ඕනේ ළමයගේ පාසල් අධ්‍යාපනය නිමාවන තෙක් ළමයාගේ වියදම් දැරීම සහ උසස් අධ්‍යාපනය නිමවනතෙක් නැවත රජයට ගෙවීමේ පදනම මත වියදම් දැරීම... මෙමගින් මුදල් අපහසුවකින් අධ්‍යාපනය අඩාලවන දරුවන්ට රැකවරණයක් සහ නැවත අයකර ගැනීමේ කොන්දේසි මගින් ඔවුන්ට වගකීමක් පැවරෙන අතර සහ මහපොල වගේ අරමුදලක් පිහිටුවා ගැනීම කළයුතුයි...