
(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් පරිපාලන ආණ්ඩුව සමයේ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොම්ෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) රාත්‍රී පැවැති කැබිනට රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඉකුත් යහපාලන ආණ්ඩුවේ 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳව සොයාබැලීම සඳහා පත්කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මීට මාස කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා වෙත බාරදී තිබිණි.
COMMENTS
මේවාට දෙකොනින්ම හිනායනවා. දූෂණ, වංචා, කරපු අය ඔය ඕනෑතරම් ඉන්නේ....
බොරු වැඩ නොකර ඉන්න.
අරයා, ඔය කියන කොමිසමේ වාර්තාව ගැන අධ්‍යයනය කරන්න තවත් කොමිසමක් දාවි....
මේවට කරන වියදම්වලින් ජනතාවට ලැබෙන සේවය මොකක්ද?
ඔය වගේම දැන් තියෙන රජයේත් සිදුවන දූෂණ, වංචා ගැනත් හොයලා බැලුවා නම් නේද හොඳ? ඊළඟ රජයට හොයන්න ඉතුරු කරන්නේ නැතිව..
ඔය වාර්තාවේ පාර්ලිමේන්තුව වහලා ඒකේ ඉන්න ජනතා නියෝජිතයන් 225ට වංචා, දූෂණ, අපරාධවලට නඩු දාන්න කියලා ඇති නේද?
හොරකම, වංචාව, දූෂණය කවුරු කරත් එකයි. ඒවාට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. ඒත්... ඇයි පසුගිය රජය ගැන විතරක් පේන්නේ. ඊට කලින් පැවති රජය කාලයේ සිදුවූ හොර, මැරකම් හා දූෂණ වංචාවලින් නැතිවුනේ මේ රටේ දේවල් නෙමෙයිද? ඇයි ඒ ගැනත් හොයන්නම ඕනෑ නේද? කොටින්ගේ රත්තරන්... කේ.පී. ගෙන් ගත්තු කොටින්ගේ මුදල් ... මේ වගේ කොච්චර දේ ගැන හොයන්න තියෙනවද? ඒවත් හොයමුකෝ..? ඇයි අර එක්සත් ජාතීන්ගේ කට්ටිය තහනම් කරන්න යෝජනා කරපු පිටරට තියෙන මුදල් සංචිත ගැනත් හොයමුකෝ...? ඇයි ඒ ගැන මොනවත් නොදන්නවා වගේ ඉන්නේ. අඩුම තරමේ එහෙම මුදල් සංචිත අපේ නැහැ කියලවත් කිව්වේ නැහැනේ. ඒවත් හොයමුකෝ... ඔට්ටුයි ඒවා ගැන හොයන්නේ නැහැ.. ඔන්න හෙව්වොත් කපනවා කන... අම්මපා...!!!
රාජපක්ෂලා කැඩපත ඉස්සරහට ගිහින් බැලුවොත් පෙනේවි කවුද හොරු කියලා...
මොන වාර්තාවල්ද?. ලෝකේ කාපු පට්ට හොරු සෙට් එකම ඉන්නෙත් දියවන්නාවේනේ...
දූෂණ, වංචා කොමිසමට කියන තවත් නමක් තමයි ‘‘විනෝද සමය‘‘