IMG-LOGO

දුම්රිය දඩවලින් කෝටියක ආදායමක්

(සුජිත් හේවාජූලිගේ)
 
දුම්රියෙහි ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම ඇතුළු වැරදිවලට අය කෙරුණු දඩ මුදල් මගින් ගිය වසරේදී රුපියල් කෝටියකට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන්කර පසුගිය වසරේදී හසු වූ පුද්ගලයින් සංඛ්‍යාව 1333කි. මොවුන්ට නියම කෙරුණු දඩ මුදල් මගින් දෙපාර්තමේන්තුව උපයා ගෙන ඇති ආදායම රුපියල් හතළිස් එක් ලක්ෂ පනස් හතර දහස් හැට දෙකකි.


ප්‍රවේශ පත්‍රයට අදාළ නැති වෙනත් පන්තිවල ගමන් කර හසු වූ 292 දෙනකු වෙනුවෙන් නියම කෙරුණු දඩ මුදල් මගින් රුපියල් නව ලක්ෂ දොළොස් දහස් නවසිය අනූ දෙකක් උපයාගෙන ඇතැයි ද දෙපාර්තමේන්තුව කියයි.


මෙයට අමතරව දුම්රිය ගේට්ටු හා වෙනත් දේපළවලට හානි කිරීම් සම්බන්ධයෙන් රුපියල් විසි එක් ලක්ෂ හතලිස් නව දහස් දෙසිය අසූ නවයක මුදලක් ද අධි බර ප්‍රවාහනය සම්බන්ධයෙන් රුපියල් 17, 500ක මුදලක් ද වෙනත් දඩ මගින් රුපියල් එකොළොස් ලක්ෂ අනූ දහස් හයසිය දහසක මුදලක් ද උපයා ගෙන ඇත.



අදහස් (5)

දුම්රිය දඩවලින් කෝටියක ආදායමක්

රවින් Monday, 10 September 2018 01:47 PM

ඔය අයකරගත්තු දඩ මුදල් රියැදුරන්ගේ පඩි හා අතිකාල දීමනා පමණක්වත් ගෙවන්න ඇතිද?

:       0       6

Nandalal DE SILVA - France Monday, 10 September 2018 04:50 PM

මේක අහපු මගේ ආච්චි කියනවා මේ සල්ලි වලින් කෝච්චි තුන හතරක්වත් ගේන්න පුළුවන් නේද කියලා. අනේ මන්දා එහෙන් ගෙන්නන කෝච්චියක වටිනාකම කීයද කියලා.

:       0       2

එරික් Monday, 10 September 2018 11:38 PM

මේක ඇවිල්ලා ලැජ්ජ වෙන්න ඕන දෙයක් . වැරදි වලින් සල්ලි හොයල පාරම් බානවා.

:       0       0

susantha Tuesday, 11 September 2018 05:56 AM

පව් මේ මිනිසුන්ගේ සල්ලි......මේ මිනිස්සු හොරට නෙවෙයි යන්නේ... නැතිබැරි කමට....දඩ නොවේ හොයන්න ඕන ඒ මිනිස්සු ටිකට් ගන්නේ නැත්තේ ඇයි කියලා......

:       0       0

Bamunuarachchi Tuesday, 11 September 2018 11:00 AM

කොච්චි දුවන්නේ තෙල් වලින් රට දුවන්නේ බදු හා දඩ වලින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site