
(විනීතා එම් ගමගේ)
එක් දිස්ත්‍රික්කයකින් විරැකියාවෙන් පෙළෙන 2000 ක් පමණ තෝරාගෙන ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩ පිළිවෙලක් සැකසිය හැකි බවත් ඉදිරි පස් අවුරුදු සැළැස්මේ මේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. විදේශ රැකියා සඳහා යාමේ දී අවශ්‍ය කරන පවුල් පසුබිම් වාර්තාවන්හි අඩංගු විය යුතු කරුණු ගැන නැවත අධ්‍යයනය කර වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මේ වනවිට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට විවිධ නිර්නායක ක්‍රියාත්මක කරන බව කී ජයරත්න මහතා, එය විධිමත් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ද කීය.
එහි ඇති නීතිමය තත්ත්වයට කිසිඳු හානියක් නොකරන බවත් වර්තමානයට ගැලපෙන පරිදි සකස් කරන බවත් හෙතෙම කියා සිටියේය.
විශේෂයෙන් පවුල් පසුබිම් වාර්තා ලබා දීමට මාස ගණන් ගතවන තත්ත්වය වෙනස් කර ඉක්මණින් එම වාර්තා ලබා දීම කෙරෙහි නිලධාරින්ගේ අවධානය යොමු කරවන බව කී ඔහු ප්‍රාදේශීය කාර්යාලවල දී මෙම වාර්තා ලබාදෙන කමිටුව දෙසතියකට වරක් වත් රැස්වීමට නියම කරන බව ද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න තියෙන්නේ පිටරට රැකියාවකට පිරිමි කෙනෙක් යනකොට ඒජන්සි කාරයෝ ගසාකන රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදල අය කිරීම නැවැත්වීමයි.
විලි ලැජ්ජයි...!!!
රටේ ආර්ථිකය වැටුණාම දුප්පත් මිනිස්සු රට යවලා රජයේ ආදායම් ලබනවා. රට විරුවන්ට සලකපු කාලය පසුගිය කාලේ හොඳින්ම දැක්කා. මේ කෝවිඩ් 19 වයිරසය තිබෙන කාලේ රට යන්නේ කවුද පොඩි ළමයි ගෙදර තියලා? අම්මලා එනකොට පොඩිළමයි විවිධ හිංසා, අපචාරවලට ලක්වෙලා... හිරගෙවලුත් පිරෙනවා. වගකීමක් නොමැති රජයක්..
පිටරට ගිය මිනිස්සු ටික ගෙන්වන්නේ නැතිව, මේ කොරෝනා අස්සේ තව මිනිස්සු පිටරට යවන්න හදනවා... ආණ්ඩුවට පිස්සුද? ඔය මුදල් වියදම්කර පිටරට අතරමංවෙලා ඉන්න මිනිස්සු ගෙන්වාගන්න බැරිනම් ඔහුට සහන සලසන්න. ඔවුන්ගේ ජීවිත බේරගන්න. ඔවුන්ගෙන් යැපෙන්නට යම්කිසි ගෙවීමක් කරන්න.
ඔයිට වඩා හොඳා හිඟා කන එක. ලැජ්ජා නැද්ද හලෝ...? වහල්කමට රට වැසියන් පිටරට පටවන්න.
මේ වැඩේට ඇමැති කෙනෙක් අවශ්‍යද?
මේවා නිකන් අපේ මිනිස්සු නන්නත්තාර කරන්න හදන වැඩ රජයක වගකීම නම් මේ මනුස්සයින්ට කාලා, බීලා, ඇඳලා පවුලක් වශයෙන් ජීවත් වීමට උදව් උපකාර කිරීමයි. මිනිස්සුන්ව බැලමෙහෙවරකම් වලට රට පටවන එක නෙමෙයි..
මීට වඩා හොඳයි අපි මුලු ලෝකෙන්ම හිඟාකමු.
අනේ අපි දැන් මාස 7ක් රැකියා නැතිව, වැටුප් නැතිව කටාර්වල අසරණ වෙලා ඉන්නවා. අපිව ගන්න තවම හරියට වැඩ සටහනක් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. වියත් මඟේ කිසිම වියත් බවක් නෑ. දැන් ගොඩක් රටවල තානාපති කාර්යාල වහලා. කාර්ය මණ්ඩලයට කොරෝනා හැදිලාලු. ඒකත් පිළිගන්න බෑ. මේ මිනිස්සු අරගෙන ඉන්න. අපි රජයට සත පහක බරක් නැතිව මෙහෙට ඇවිත් ඉන්නේ. අපේ සුදුසුකම්වලට රැකියා සොයාගෙන ඒජන්සි වලට මුදල් ගෙවලා විදේශ සේවා කාර්යාංශයේ රක්ෂණ වාරික ගෙවලා. විදේශ විනිමය අපි කොපමණ යවලා තියෙනවද?... හරි ප්‍රතිපත්තියක් ඇතිව මිනිසුන් එවන්න. රැකියා අහිමි කළ සේවකයින්ට වන්දි ලබාදීමට තානාපති කාර්යාල නිලධාරීන් අදාල රටවල, විිිදේශ අැමතිවරු සමඟ කතාකර විසඳුම් ලබාදීමට යොමුකරවන්න.
සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අවබෝධය සමහර පාර්ලිමේන්තුවේ අයට නොතේරෙන එකනේ පුදුමේ...
ඡන්දෙට කළින් කෘෂිකර්මයේ, කර්මාන්ත අරවා මේවා නංවලා රට ස්වයංපෝෂිත කරන පොර ටෝක්.. දැන් අසරණ දුප්පත් ගැහැණු පිටරට පටවලා ඔවුන්ගේ රීරි මාංශය කාලා තමන්ගේ පවුලේ ඉන්න අයව ගොඩ දා ගන්න ව්‍යාපෘති ගේන්නේ. මොන තරම් සහගහන වැඩක්ද මේ කරන්න හදන්නේ..?
ගැහැණු අය පිටරට යැවීම විශේෂයෙන් මැදපෙරදිග යැවීම වහාම නවත්වන්න ඕනේ.
මොනවා නැති වුණත් විදේශ සේවා එක ගුවන් තොටුපළේ රැකලා ඉඳලා රක්ෂණ මුදල් කියලා 17500නම් කඩාගනීවි.
කාන්තාවන් මැදපෙරදිග ඇතුළු පිටරට පටවා මුදල් හරි හම්බ කර ගැනීම ප්‍රෞඩ ජාතියකට කොතරම් ආඩම්බරයක්ද? ලෝකේ බුද්ධිමත්ම ජාතිය මැදපෙරදිග මෙහෙකාරකමට නැතිවම බැහැ? එහෙම එකේ කයිවාරු නොගහා ඉන්නේ කොහොමද අපි??