(මනෝජ් හර්ෂික සහ වීනීතා එම් ගමගේ )
දීප ව්‍යාප්තව වන අලීන් සමීක්ෂණයක් සිදු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව මෙම සමීක්ෂණය සැප්තැම්බර් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවේ වන අලින් ගැවසෙන ප්‍රදේශයන් සියල්ල ආවරණය වන පරිදි සමීක්ෂණ ස්ථානයන් 2229කදී සමීක්ෂකයන් 7316ක සහභාගීත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කෙරේ.
වනජීවී දෙපාර්තමේන්තුව අවසන් වරට වන අලි සමීක්ෂණයක් 2011 වසරේ සිදුකර ඇති අතර එහිදී අනාවරණය කර ගත් දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ අවම වන අලි ගහණය 5879 ක් ලෙස වාර්තා වී තිබේ.
වන අලින්ගේ වයස් කාණ්ඩ,ගැහුණු පිරිමි සංඛ්‍යාව, දළ ඇතුන් සංඛ්‍යාව සහ වන අලින් ගැවසෙන ප්‍රදේශ මෙම සමීක්ෂණය අනුව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තවද මෙම සමීක්ෂණය තුළින් ලබා ගන්නා දත්ත ශ්‍රී ලංකාවේ වෙසෙන වන අලින් සංරක්ෂණය සඳහා වූ උපාය මාර්ග සැළසුම් කිරීම සඳහා යොදා ගැනීමට නියමිත බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
ජනාධිපතිවරණයේදීම කරගන්න පුළුවන්නේ...
එජාප ජනාධිපති අපේක්ෂකයාව පත්කරලම අලි සමීක්ෂණය කළොත් ගාන වඩාත් නිවැරදි වෙයි.
අරයා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලම ඕක කරලා තියෙන එක හොඳයි.
සිරිකොත පැත්තේ ආවානම් ලේසියෙන්ම කරගන්න තිබුණා.
ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. ඡන්දෙ ඉවර වෙන කල් හිටියොත් නොමිලයේම දැනගන්න පුළුවන් වේවි...
ඔය දෙපාර්තමේන්තුව ඉහළ සිට පහළට අස්කරලා තරුණ සුදුස්සන්ට බාරදිය යුතුයි. වනේ ඉන්න ලොකුම සත්වයාවත් නොතකන කීයක් ඉන්නවද? නොදන්නා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් මොකටද?
විශේෂයෙන් දළ ඇතුන්.
අලි පහර දී මිය යන අසරණ මිනිසුන් ගැන සමීක්ෂණයක් කරන්නේ නැද්ද?
ඉක්මනින්ම කරන්න අපි අලි ඔක්කොම අලි ටික කැලේට දක්කන්න පෙර.
ඒ කියන්නේ මේ රැස්වීම්වල කෑගහන්නේ ඇත්තටම අලි නෙමෙයිද?
අලි ගණන නම් හරියටම කියන්න බැහැ. ගෙම්බෝ ගාන නම් 225 යි, චන්දෙන් පස්සේ ගැන ගන්න පුළුවන්. හිස් කබල තුළ ඇත්තෙන්ම මොළය පිහිටි ගණන නාගානන්දට වැටෙන චන්ද සංඛ්‍යාවෙන් බලා ගන්න පුළුවන්.
වනජීවී නිලධාරී මහතුන් ඔවුන්ට තිබෙන අඩුම පහසුකම් යටතේ පුදුමාකාර කැපවීමක් කරන පිරිසක් . අව්ව, වැස්ස, අලි, කොටි, වලස්සු, සර්පයෝ, දඩයක්කරුවෝ, , ගංවතුර, බඳින තුවක්කු වගේ දේවල්, මේ ඔක්කොම බොහෝවිට මාරාන්තික ප්‍රහාර. සමහර වෙලාවලට කැලේ ඇතුලේ දවස් ගණන් එක ඇඳුමෙන් ඉන්නේ. මඩ වතුර බොන්නේ, හරිහැටි කෑමක් නෑ, වාහනයක් තියා අලිවෙඩි ටිකවත් නෑ. එහෙම නිළදාරීන් ඕන තරම් ඉන්නවා. මේවා නොදැන කරුණා කරලා හිතට එන කමෙන්ට් දාන්න එපා. මම කියන දේ හරිද වැරදිද කියලා ටිකක් තේරුම් ගන්න පුළුවන් මේ සංගණනයට සහහාගී උනොත්.
සාලිය මහත්තයා මේ කියන්නේ වෙන රටක වනජීවී දෙපාර්තමේන්තුවක් ගැන වෙන්ට ඇති. අපේ රටේ නම් ඒ ඇත්තන්ගෙ තත්වය වන අලින්ගෙන් බැට කන අපි තරම් වෙන කවුරුනම් දනීද?
සමහර පක්ෂ එකතු වුනොත් එයාල කොටි. සමහර පක්ෂ එකතු වුනොත් එකතු වුනොත් දේශප්‍රේමින්. සමහරුන්ගේ මතය එයයි.
කලින් කරපු අලි සමීක්ෂණයේ පොත නැති උනා. මේ සැරෙත් එහෙම වෙයිද?