(ජී ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා )
කොළඹ සිට මාතර බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොක්මාදුව සහ ඉමදුව අන්තර් හුවමාරු අතර පිහිටි 112 කිලෝ මීටර් කණුව අසල දී ගිනි ගැනීම හේතුවෙන් බස් රථයට අලාභහානි සිදුවී ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
අනතුරු වන අවස්ථා වේ බස් රථයේ මගීන් විස්සක් පමණ සිට ඇති අතර ඔවුන් නිරුපද්‍රිතව බස් රථයෙන් ඉවත් කර ඇතැයි පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග පොලිසිය සහ ඉමදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

වීඩියෝ දර්ශන - රවී ලියනගේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම "කොමිස්" බස් එකක් වෙන්න ඇති...
චීන හරි ඉන්දියන් බස් වෙන්නැති නේද? නඩු දාන ඕනේ ඕකුන්ට. ආයේ කතා දෙකක් නෑ.
අපි "සව්දි අැරම්කො" ආයතනයේ සේවය කරන කාලයේ වාහනයේ ගිනිවන උපකරණය තිබීම අනිවාර්යයි. එය නොමැති නම් වාහනය සේවයේ යෙදවීම තහනම්... මෙවන් වටිනා වාහනවල ගිනිනිවන උපකරණයක් තියා ගැනීමට නීති අවශ්‍ය නැහැ. තමන් විසින්ම උපකරණයක් තබා ගැනීම වටී. එසේත් නැතිනම් වාහනය ඉන්ෂුවර් කිරීමේදී එවන් උපකරණයක් තබාගැනීමට නියෝග කිරීම වටිනවා..
මේවා චීන බස්....
මේවා චීන ඒවා නෙවෙයි... අනික ලංකාවේ මයික්‍රෝ එකෙන් බස් ගන්නේ නැතුව කොමිස් ගහන්න චීනෙන් බස් ගෙනාවේ පහුගිය රජය... මෙයාල 2015 දින්න ගමන් ලංගමෙට දාල තිබුන මයික්‍රෝ එකේ බස් නතර කළා. බම්බලපිටිය කඩවත මොරටුව මීගමුව පැතිවලට දාල තිබුන ඒවා නවත්තලා දැම්මා. මේ වගේ කොමෙන්ට් දානකොට පොඩ්ඩක් හොයලා බලලා දාන්න