(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතන සදහා තාවකාලික, අනියම් (දෛනික) , ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේදී එහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අදාළ චක‍්‍රලේඛ ප‍්‍රතිපාදනය බලාත්මක කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දින 180කට වඩා සේවය කර ඇති සේවකයන්ට අවශ්‍ය ලබන මස 01 වැනිදා වන විට අදාළ සුදුසුකම් සම්පූර්ණ කිරීම මත, ස්ථිර හා විශ‍්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට නියමිත බව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
COMMENTS
එනවා එනවා, ළඟදීම ඡන්දයක් එනවා...
පහුගිය දවස්වල ගත් දේශපාලන හෙංචයියන්ට තමයි ඔක්කොම...
සජිත් පුරවපු දවසට 500 පත්වීම් ටික ස්ථීර කරගන්න පුළුවන්. ජය වේවා. බදු ගෙවන ඔබට ස්තුතියි.
ඇත්තටම මේ අයට පඩි ගෙවන්නේ අම්මා, අප්පාගේ බූදලෙන්ද? කිසිදෙයක් නොකර නිකම් ඉන්න රජයේ සේවකයින් කොච්චර ඉන්නවද? අර විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලේ වගේ. පුද්ගලික අංශයේ සේවකයින් සහ පොදු මහජනයාගෙන් ගන්න බදුවලින් හොරුන්ට පඩි ගෙවන්න පත්වීම් දෙන්නේ මොකටද?
පහළ තනතුරුවල කාලයක් වැඩ කරපු සේවකයින්ට හොඳයි.