IMG-LOGO

ජානක පෙරේරා නඩුවේ දෙවැනි විත්තිකරු චෝදනා 31 කට වරදකරු වෙයි

(උපාලි ආනන්ද)

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා 48 ක් ලබා සිටි  දෙවැනි විත්තිකරු  චෝදනා 48 න් චෝදනා 31 ට වරදකරු බවට  අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා  මහාධිකරණ  විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය තීන්දු කළාය.

ඒ අනුව පළමු දෙවැනි සහ තුන්වැනි චෝදනාවන්ට විත්තිකරුට වසර 20 බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම් කාලය වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට ද නියෝග කරනු ලැබුවාය.

ඊට අමතරව 4 සිට 31 දක්වා සියලු අධි චෝදනවන්ට ද  විත්තිකරු වරදකරු බවට නිගමනය කල මහාධිකරණ විනිසුරුවරිය එම සියලු චෝදනාවන්ට විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළාය.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නගා තිබු 32 සිට 48 දක්වා චෝදනාවන්ට ඔහු නිවැරදිකරු බවට නිගමනය කල මහාධිකරණ විනිසුරුවරිය එම චෝදනාවන්ගෙන් විත්තිකරු නිදහස් කිරීමටද නියෝග කළාය. 

විත්තිකරුට අයත් සියලු දේපල රාජ සන්තක කිරීමටද තවදුරටත් නියෝග කල මහාධිකරණ විනිසුරුවරිය එල්ටීටීඊ සංවිධානයේ නායක වේලිපිල්ලේ ප‍්‍රභාකරන් විසින් විත්තිකරුට තෑගි ලෙස ලබා දී තිබු ඉහල වටිනාකමකින් යුත් ස්විස් වර්ගයේ අත් ඔරලෝසුව සහ සයිනයිට් කරල සහ සර්ට් එක ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත කෞතුකාගාරයට බාර දෙන ලෙසටද නියෝග කෙරිණි. මෙසේ දඩුවම් නියම වූයේ උමාර් හබ්තාබ් නැමැත්තාටයි.

මේජර් ජනරාල් ජානක  පෙරේරා  මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් අනුරාධපුරයේදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව  අනුරාධපුර  මහාධිකරණයේදී අද  (21) යළි කැදවූ අවස්ථාවේ දී මෙසේ නියෝග කෙරිණි.

මේ අතර මෙම අපරාධයට අධාර අනුබල දුන් බවටත් ඒ සදහා කුමන්ත‍්‍රණය කල බවටත් අධිකරණය හමුෙවි වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝමිබ පුපුරුවා හැරිෙමි අංශයේ හිටපු කර්නල්වරයෙකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරු මැද පළාත් බද මහාධිකරණයෙන්  මීට පෙර නියම කළේය. මෙම අපරාධයට අධාර අනුබල දීමේ වරදට  වසර දහයක්ද කුමන්ත‍්‍රනය කිරීමේ වරදට වසර දහයක්ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම නියම කෙරිණ,

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු  31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කෙරුණේ 2008 වසරේ ඔක්තෝබර් 6 වැනි දාය.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා සමඟ අනුරාධපුරයේ හිටපු කීර්තිමත් දක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන ඒ.සී.එස්.හමීඩි, නීතිඥ එමි.අනුර්දීන් සහ නිතිඥ තනුජා රාජපක්ෂ යන මහත්ම මහත්මීන්  එම ස්ථානයේදිම මිය ගිය අතර වෛද්‍ය නන්ද පුෂ්ප කුමාර මහතා ඇතුළු තවත් පිරිසක් බරපතල තුවාල ලැබූහ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස 152 දෙදෙනකු නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ සිටිති.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලියුස්ටර් ජනරාල්  සුදර්ශන ද සිල්වා, සහ රහස් පොලිසියේ නිලධාරීහු පෙනී සිටිති.

අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන නිමල් මාරසිංහ සජීව ගුණරත්න  චාන්දනී හටංගල,  ආරියරත්න වික‍්‍රමආරච්චි ආනන්ද පේ‍්‍රමරත්න යන මහත්ම මහත්මීන් සමඟ නීතිඥ  කාලිංග රවින්ද්‍ර මහතා  ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ. විත්තිකරු වෙනුවෙන් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පෙනී සිටියේය.

 



අදහස් (1)

ජානක පෙරේරා නඩුවේ දෙවැනි විත්තිකරු චෝදනා 31 කට වරදකරු වෙයි

Cisco Tuesday, 21 May 2019 10:07 AM

මේ මොන දේ කලත් අපට හිටපු ශ්‍රේෂ්ඨ සෙන්පතියා නැවත ලැබෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 242 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 763 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site