
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අපේ බලය ජනතා පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඥානසාර හිමියන් ඉදිරිපත් කිරිමට අනුමැති දුන් බව පක්ෂයේ මාධ්‍ය ලේකම් එරන්ද නවරත්න මහතා පැවසීය.
ඒ අනුව පක්ෂයේ සභාපති සහ ලේකම් විසින් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දෙනු ඇත.
පසුගිය දා පැවති මහමැතිවරණයෙන් අපේ බලය ජනතා පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු ආසනයක් ලබාගත්තේය.
COMMENTS
හිමිවරුන්ට පාර්ලිමේන්තුවට යාම වැරැද්දක් බව මට හැඟෙනවා.
හරිම සුබ ආරංචියක්. ජාතිය ගැන සැබෑ කැක්කුමක් ඇති පිරිසක් බව තේරෙනවා. මට මතක් වෙනවා එදා සිහල උරුමය මීට වෙනස් දෙයක් කරපු හැටි. ඔවුන් එක ආසනයකට මරා ගත්තා. අන්තිමට ඡන්දය දීපු අයට සිහල කියන නමත් එපා වුණා...
එක මන්ත්‍රී ධුරය බෙදාගන්න කොච්චර ලොකු ජල්ලියක් ඇල්ලුවද?
හොඳයි...
රජතුමාගේ ආරක්ෂාවට සිටි වඳුරාගේ කඩුපහර සිහිවේ.
ජාතිවාදයෙන් බැටකන තැනට රට තල්ලු කරන අයට ඉඩනොදිය යුතුයි.
දේශපාලනය කියන වචනය බෙදාගන්න ඥාණසාර හාමුදුරුවොයි, විමල් සහ ගම්මන්පිල අතර සෑහෙන සටනක් තියේවි.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි... 20ක් 30ක් පාර්ලිමේන්තු ගියා වගේ...
අපේ අරමුණ ඉෂ්ට වුණා. ඥානසාර හිමියන්ට තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ අරමුණු ඉෂ්ඨ වේවා... රටට යහපතක් වේවා..!!
බොහොම හොඳයි.. රට, ජාතිය සහ බෞද්ධයන් වෙනුවෙන් කතාකළ හැකි නායකයෙක්...
අපේ හාමුදුරුවනේ වැඩ පටන් ගනිමු.... අරගොල්ලන්ට දාලා දුවන්න.
භික්ෂුවක් ලෙස යායුතු ගමන අමතක කර බලය පසුපස යාම භික්ෂූත්වයට වගේම උතුම් බුදුදහමටත් නිගාවක්... කෙසේවෙතත් ස්වාධීනව මේ ගමන් යන්නට ශක්තිය ලැබේවා කියා පතනවා. දේශපාලකයින්ට කඩේ නොයන තාක්කල්, මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක්නොවී සිටිය හැකියි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට ගොස් කිසිවකුගේ හෝ පක්ෂයක කොටසක් නොවී මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරනු ඇති බව අප විශ්වාස කරමු.
බලාසිටිමු අපි කියපු විදිහට.. හලාල්, බුර්කා, මද්‍රසා පාසල්, අන්තවාදී සංවිධාන තහනම් කරන්න පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන විදිහ...
පොල් සම්බෝලයට ගම්මිරිස් ඇටයක් වැටුණොත් රසය වැඩි වෙනවා.
නිවන් දකින්නට පිං මදි වෙන්නැති... ඒකයි තවමත් සංසාරේ...
මන්ත්‍රීකම් කිරීම ශාසනයට ගැළපෙන්නේ නෑ.
අපේ ඥානසාර හිම්‍යන්ගේ නියෝජනය ගොඩක් වැදගත් වේවි.
ඔබ වහන්සේට සිංහල බෞද්ධයින් වෙනුවෙන් හඬ නගන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.
පුළුවන් වෙයිද යන්න? ඡන්දෙන් කලින් පැරදුනා කියපු ලැයිස්තුව අලුත් වුනා වගේ යන්න යන ගමන බැරි වෙන තැනට වැඩ වෙයිද?
සාධාරණය සහ මව්බිම රැකීම.
ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ විසඳුනාද නැත්ද? මම දැක්ක වෙන හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තු යන්න හදනවා කියලා. කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්.
අපේ හාමුදුරුවනේ වැඩ පටන් ගනිමු. අන්න අපේ යාළ්වන් ටික සමගි ජන බලවේගයෙන් ඇවිල්ලා.