IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජවිපෙන් සජින් වාස් ගැන අල්ලස් පැමිණිලි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් ලෙසද විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙසද සිටිමින් සජින් වාස් ගුණවර්ධන මහ ජන මුදල් අයථා ලෙස යොදාගනිමින් හා ඒවා කොල්ලකමින් කළ බව කියන වංචා දූෂණ රැසක් පිළිබඳ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කළ බව ජවිපෙ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී හා දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතා කියයි.

ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. කොස්මෝස් ඒවියේෂන් ලිමිටඩ් නමින් ගුවන් නියමුවන් පුහුණු පාසලක් හා මිහින් ලංකා සභාපතිවරයාව සිටියදී රත්මලාන ගුවන් තොටුපළ ආසන්නයේ මේ සමාගම පවත්වාගෙන ගියා. ශිෂ්‍යන්ගෙන් ලක්ෂ 13 1/2 බැගින් ගෙන කිසිදු බලපත්‍රයක් ලබාදී නැත. ඔහුට එසේ බලපත්‍ර ලබාදීමටද නොහැක. අමෙරිකාවේ ටෙක්සාස් වලින් ගුවන්යානා මිලදී ගෙන තියෙනවා. ලංකා බැංකුව හරහා ඒවට මුදල් යවා තියෙනවා. පාර්ලිමේන්තුවට එන්න කලින් මොහු පෞද්ගලික ලංකාවට බඩු ගේන කුරියර් සමාගමක ගබඩා පාලකවරයෙක්. එහෙම පුද්ගලයෙක් ප්‍රකෝටිපතියෙක් වුනේ කොහොමද?

මේ රටේ මහ ජන මුදල් අයථා ලෙස රැස් කරගෙන තියෙනවා. ඒ ෆයිල් අපි ළඟ තියෙනවා. අම්බලන්ගොඩ තෙල් හලේ පමණක් කෝටි 17ක් පොලු තියලා. මේ ඉතා කෙටි කාලයක් තුළ ඩොලර් මිලයන ගාණක් ගුවන් යානා මිලදී ගැනීමට රට යැව්වේ කොහොමද?

ගුවන් යානා පුහුණු පාසලේ ළමයින්ගෙන් සල්ලි අරන් දැන් ඔවුන් බලපත්‍රත් නැතිව සල්ලිත් නැතිව අසරණ වෙලා.

මේ සල්ලි රැස් කිරීමට මිහින් ලංකා එකේ අලාබවලට වග කියන්න ඕන මොහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කියලා අපි දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටිනවා. සාක්ෂි සහිතව අපි බාරදුන් මේ පැමිණිලි සම්බන්ධයෙන් දැන්වත් කටයුතු කරන්න කියා අපි ඉල්ලා සිටියා. සියලු තොරතුරු සාක්ෂි සහිතව බාර දුන්නා වෙනස් වෙන්න උත්සාහ කරපු ජනතාව වෙනුවෙන් ඔබත් දූෂණ වංචා සම්බන්ධ තොරතුරු අපට ලබා දෙන්න. හොරු පැනලා යන්න කලින් වහාම නීතිමය පියවර ගන්න කියා අපි අල්ලස් හා දූෂණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (0)

ජවිපෙන් සජින් වාස් ගැන අල්ලස් පැමිණිලි

දමිත් ප්‍රසන්න Sunday, 18 January 2015 11:58 PM

රටේ සම්පත් අනිසි ලෙස භාවිතා කළා නම් දඩුවම් ලැබිය යුතුමය (නදී)

:       0       0

යසිරු Monday, 19 January 2015 01:08 AM

මේ චෝදනා ඔප්පු වුනත් දඬුවම විදියට අනේ බබා මිට පස්සේ මෙහෙම වැඩ කරන්න එපා කියල ඔලුව අත ගාල යවාවි. (නදී)

:       0       0

රෝයි Monday, 19 January 2015 01:56 AM

මේවට දඩුවම් කරයි කියල තද විස්වාසයක් තියාගන්න එපා. ගමේ මනුස්සයෙක් පොල් ගෙඩියක් හොරකම් කලා නම් ඔන්න දඩුවම් ලැබෙනවා කියල විස්වාසයි. (නදී)

:       0       0

රෝයි Monday, 19 January 2015 02:01 AM

මේවා ඡන්දය දීපු අයව සතුටු කරන්න මුල් දින වල කරන වැඩ. ජේ.වී.පී එකටයි ජේ.එච්.යු එකටයි ඕනෙකම තියෙනවා. නමුත් අනිත් අය මේවා විභාග කරන්න ඉඩ දෙන්නේ නැහැ. (නදී)

:       0       0

කුමාර Monday, 19 January 2015 02:09 AM

ඔය චෝදනා විභාග කරලා වැරදි කරුවන්ට නීතියෙන් දඩුවම් දෙන්න කොපමණ කාලයක් බලන් ඉන්න වෙයිද? රතන හාමුදුරුවෝ/සෝභිත හාමුදුරුවෝ, චම්පික සහ හදුන්නේන්ති මහත්මයලා ගෙන් අපි බලාපොරොත්තු වෙනවා මැදුම් පිළිවෙතේ ඉඳන් යම් දෙයක් කරයි කියා. (නදී)

:       0       0

ගිහාන් Monday, 19 January 2015 02:47 AM

මේ පුද්ගලයා විදේශ අමාත්‍යංශයේ මෙබඳු නිලයක් දරන්න ඔහුට ඇති අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මොනවද ? මොහු විසින් විදේශ අමාත්‍යංශයට සහ රාජ තාන්ත්‍රික සේවා වලට සුදුසු කම් නැතිව හෝ අඩුවෙන් ඇති උදවිය පත් කර ඇති නම් ඒ කවුද යනාදිය වහාම සොයා බැලිය යුතු නේද ? මේවා ජ වී පෙ නඩු ෆයිල් කරනකන් බලන් ඉන්න ඕන දේවල් නෙවෙයි. (නදී)

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 19 January 2015 04:19 AM

වීරවංසගේ (විමලසේන), කෙහෙළියගේ විදුලි බිල රුපියල් 120,000 ආසන්න මුදලක් ලෙස මාද්‍ය වලින් දැක්කා. මම විදේශ රටක වෘත්තිකයෙක්. මගේ ලංකාවේ ගෙදර විදුලි බිල උපරිම රු 2500.00 යි. එතකොට,මෙයාගේ බිල කොහොමද 48 ගුණයක් වෙන්නේ. වහාම පරීක්ෂනයක් කල යුතුයි නේද ? (නදී)

:       0       0

සුමේධ Monday, 19 January 2015 05:01 AM

මෙයාල හොරු. මුදල් සොයාගත් හැටි වීමර්ශණ කළ යුතුය. එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් කිව්වලූ. ඉදිරි අනාගතයේදි මිට වඩා දේලවල් එලියට එවි. අර තෙල් පිරිපහදුවේ ලොක්කන්ගේ කාමර වලට සීල් තිබ්බා වගේ. (ස)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Monday, 19 January 2015 07:51 AM

තාම පැමිණිලි විතරමයි. ඉදිරියට බලමු (නදී)

:       0       0

කුමාර් Sunday, 18 January 2015 10:28 AM

දකුණේ බිලියන ගණනක දේපල මෙයාලා මිලදී ගත්තා. (නදී)

:       0       0

රත්නා Sunday, 18 January 2015 12:00 PM

දුෂණ අල්ලස් කොමිසමේ ෆැක්ස් නම්බරය මොකක්ද ? (නදී)

:       0       0

හෆීල් Sunday, 18 January 2015 01:14 PM

මෙච්චර වංචා සිදුවෙද්දී අර වාසු දේවයි, වීරවංසත් ඇයි කටවහගන හිටියේ? (නදී)

:       0       0

කමල් Sunday, 18 January 2015 03:18 PM

හෆීල් ට, පිලිතුර, දෙන්නටම ලැජ්ජාව නැහැ (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Sunday, 18 January 2015 06:05 PM

විමල් විරවංශලා වාසුලා මේවට කතා නැහැ. මොකද ඇමති කම නිකන් ලැබුනා. සුකෝපබෝගී ජීවිත ගත කරන නිසා කතා කරන්න බැහැ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:37 PM

අපේ රටේ පට්ට ගැහිච්ච සමාජ වාදියෝ කියල කියා ගන්න කොන්දක් නැති මිනිස්සු ලජ්ජා වෙන්න ඕනේ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:39 PM

මෙතෙක් කලක් රට යටත් කරගෙන හිටියා "මෙගා හොරු කල්ලියගෙන්" රට නිදහස් කර ගන්න ලැබීම මොන තරම් වාසනාවන්තද කියල දැන්වත් කල්පනා කරලා බලන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:40 PM

රාජපක්ෂවරුන්ට සහ කල්ලියට කොටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු ඇට කොස් ඇට" වගේ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 18 January 2015 06:41 PM

ගුවන් තොටුපොළේ දවස ගානේ අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වුනේ කියලත් හොයන්න. අහන්න දෙයක් නැහැ ඒකත් විකුනගෙන කාල ඇති. (නදී)

:       0       0

නන්දලාල් Sunday, 18 January 2015 08:05 PM

[ඒ ෆයිල් අපි ළඟ තියෙනවා.] කවුද එහෙම කියන්නේ? (නදී)

:       0       0

නන්දලාල් Sunday, 18 January 2015 08:26 PM

මේ ගබඩා පාලකයාට පයිලට් ලයිසන් දෙන්න බලය දුන්නේ කවුද? පව් අනේ, උඩ යන්න ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු කොල්ලෝ. කෙල්ලෝ නය වෙලා දීපු සල්ලි වලින් මෙයා සුර සැප වින්දා, ඇති වෙනකම්. දැන්වත් ඒවාට උත්තර දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1598 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 786 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 656 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 334 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 572 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 529 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site