කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර යන පර්යන්තවල සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත.
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ආර්.එම්. දයා රත්නායක යන මහත්ම මහත්මීහු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ජයබහලු පර්යන්තයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය හා ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යයනය, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම් ධාරිතාව වැඩි කිරීම හා නවීකරණය පිළිබඳ කැබිනට් තීරණ සහ 2017 ජූලි 26 දින ගනු ලැබූ කැබිනට් තීරණ පිළිබඳව මුදල් අමාත්‍යවරයා කළ නිරීක්ෂණවල අනුව සිදුවනවාද ?, යන්ත්‍රෝපකරණ ගෙන්වීමට පෙර ජයබහලු පර්යන්තය වැඩිදියුණු නොකළේ ඇයි, ශ්‍රී ලංකා රජය සහ සෙසු රාජ්‍ය සමඟ කොළඹ වරාය විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළැඹ ඇති ගිවිසුම් පිළිබඳ අධ්‍යයනය සහ වෙළෙඳ, නාවික සහ දේශීය,විදේශීය ආයෝජන තුළින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකිවන ආකාරයෙන් ඉහත සඳහන් පර්යන්ත 2ක සංවර්ධනයට යෝජනා ඉදිරිපත් කිරීම යනාදී කාර්ය මෙම කමිටුවට පැවැරී ඇත.
ඒ අනුව කමිටුව පත් කළ අද (3) සිට දින 45ක් ඇතුළත අදාළ රේඛීය අමාත්‍යාංශ සහ පාර්ශවකරුවන් සම්බන්ධ කරගනිමින් කමිටුව අදාළ වාර්තාව සකස් කළ යුතුය .
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කමිටු වාර්තාව එනතුරු දින 45කට දිනකට ලක්ෂ 90 බැගින් මුදල් නාස්තියද වෙන්නේ? මේ කමිටු පත්කිරීම තමයි මේ රටේ විනාශයට ප්‍රධාන කාරණාව.. මේ කමිටු හරහා ඉතිහාසයේ වෙච්චදේ තමා, කල්මැරීම, වැරදිකරුවන්ව පිරිසුදු කිරීම...