ඉංග්‍රීසි භාෂාව භාවිත නොකරන විදේශීය සංචාරකයන් සමඟ සන්නිවේදනය කිරීමේදී මතුවන අපහසුතා මඟහැර ගැනීම සඳහා, එම භාෂා සිය මව් බසට පරිවර්තනය කර දෙන නව උපාංගයක් ජපානය හඳුන්වා දී තිබේ.
මෙම උපාංගය MUAMA Enence ලෙස නම් කර ඇත.
චීන, ප්‍රංශ, අරාබි, ඉතාලි, කොරියානු, ග්‍රීක, හින්දි ආදී භාෂා 40ක ප්‍රමාණයක් මෙයින් සන්නිවේදනය කළ හැකිය.
දැනට ජපානයේ පාසල්වලදී විවිධ භාෂා ඉගෙනුම් කටයුතු සඳහා භාවිත වන බව පැවසේ.
එම උපාංගය ක්‍රියාත්මක කර පළමුව තම මව් භාෂාවෙන් යමක් පැවසිය හැකි අතර මෙම උපාංගය ඔබට අවශ්‍ය භාෂාවට පරිවර්තනය කර පවසයි. පසුව ඔබ හා සන්නිවේදනය කරන විදේශිකයා පවසන දෙය එය පටිගත කරන අතර එහි පරිවර්තනය ද ලබාදෙයි.
(16844)


2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයෙන් භාෂා පරිවර්තන උපාංගයක්
සෙනෙවිරත්න Wednesday, 13 November 2019 06:27 AM
මේක නිර්මානය කල අයට අපගේ උපහාරය, මේක නිර්මානය කරන්න නැකත හැදුවෙ ලංකාවෙ ගුරුන්නාන්සෙ කෙනෙක්
ඉලේපෙරුම Wednesday, 13 November 2019 08:35 AM
මේක එච්චර මැජික් එකක් නොවෙයි. මෙම පහසුකම දැනට සෑහෙන කාලෙක ඉඳලා තියනවා. මම වර්ෂ දෙකකට පමණ පෙර චීනෙට ගිහින් චීන ජාතිකයෙක්ගෙන් බැංකුවක් තියන තැන ගැන ඉංග්‍රීසියෙන් ඇහුවා. චීනා තම ජංගම දුරකථනයේ App එකක් ක්‍රියාත්මක කරවලා මගේ මූණට ඇල්ලුවා. මගේ අවශ්‍යතාව නැවත ඉංග්‍රීසියෙන් කිව්වම ඒක අර App එකෙන් චීන භාෂාවට පරිවර්තනය වුණා. චීන ජාතිකයා උත්තරය චීන භාෂාවෙන් ටයිප් කරලා App එක මගින් නැවත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මට පෙන්නුවා.
ඉලේපෙරුම Wednesday, 13 November 2019 08:35 AM
මේක එච්චර මැජික් එකක් නොවෙයි. මෙම පහසුකම දැනට සෑහෙන කාලෙක ඉඳලා තියනවා. මම වර්ෂ 2කට පමණ පෙර චීනෙට ගිහින් චීන ජාතිකයෙක්ගෙන් බැංකුවක් තියන තැන ගැන ඉංග්‍රීසියෙන් ඇහුවා. චීනා තම ජංගම දුරකථනයේ ඇප් එකක් ක්‍රියාත්මක කරවලා මගේ මූණට ඇල්ලුවා. මගේ අවශ්‍යතාව නැවත ඉංග්‍රීසියෙන් කිව්වම ඒක අර App එකෙන් චීන භාෂාවට පරිවර්තනය වුණා. චීන ජාතිකයා උත්තරය චීන භාෂාවෙන් ටයිප් කරලා ඇප් එක මගින් නැවත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මට පෙන්නුවා.
upali Wednesday, 13 November 2019 08:52 AM
ඕනෑතරම් ඇප් තියෙන්නේ ඔය වැඩේට..