IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා

(+++ සුජිත් හේවාජුලිගේ)


පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලදැයි කියන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.

මේ නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා ඒ පිළිබඳ විස්තර වාර්තා ද ජනාධිපති ලේකම්වරයාට බාරදී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට ඊයේ පැවැසීය.

රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් මේ නිලධාරින් තිදෙනාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන ආයතන කිහිපයක නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ඒ ආයතන ප්‍රධානීන්ට මෙයට පෙරද දැනුම් දී තිබිණ. මේ අනුව සමෘද්ධි අධිකාරිය පමණක් ඊට අදාළ විස්තර වාර්තා මැතිවරණ කොමිසමෙන් දැනටමත් ලබාගෙන තිබෙන බව එහි නිලධාරීහු කියති.

රාජ්‍ය ආයතනවල මෙවැනි චෝදනා එල්ලවන අවස්ථාවලදී මැතිවරණ කොමිසමට කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි අදාළ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීම පමණකැයි පැවැසේ.



අදහස් (6)

ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා

ලුම්බිණි Tuesday, 10 December 2019 06:59 AM

බලමු ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා.

:       1       28

Mahee Tuesday, 10 December 2019 07:41 AM

19 කැලේට විසිකළහම ඔය ටිකත් නවතී. ඒකත් එක්කම රජයේ සේවකයෝ මොනවා කළත් ඒවා සද්භාවයෙන් හින්දා ඔවුන් නිදහස් බව කියන පනතත් සම්මත කර ගත්තාහම නෝ කතා නෝ සිනා.

:       547       672

සනත් ඉතාලිය Tuesday, 10 December 2019 08:42 AM

ඔන්න පටන්ගත්තා මඩ බලකාය අදහස් ලියන්න. මෙතන අදහස් ලියන්නන්ගෙන් 99% ක්ම කුලීහේවායෝ.

:       1120       1006

Dil PereraTuesday, 10 December 2019 09:27 AM

සනත්, ඔබ හරියටම හරි. එම මඩ බලකායේ සේනාදිනායක වන්නේ "මහි" තමා.

:       542       303

athuraTuesday, 10 December 2019 12:47 PM

සනත් මහත්මයො ඔබ තුමා ඉන්නේ ඉතාලියේ මම ඉන්නෙ ලංකාවෙ දැන් අපි කොහොමද ඔය කුලී හේවායෝ හදුනා ගන්නෙ.

:       3       14

MaheeTuesday, 10 December 2019 12:20 PM

සනත්, පෙරේරා, සෑම වහලෙක්ම තමන්ගේ ස්වාමියාට එරෙහි බව පෙනෙන කොලයක් සෙලවීමට පවා නිග්‍රහ කරනවා. සියලුම අදහස් ඔවුන්ට පෙනෙන්නේ එක්කෝ වහලුන්ට පක්ෂ නැත්නම් විපක්ෂ හැටියටයි. සත්‍යය දකින්න ඔවුන්ට හැකියාවක්වත්, උවමනාවක්වත් නැහැ, ඔබ දෙදෙනාට මඩ වශයෙන් පෙනෙන්නේ රටේ යහපත වෙනුවෙන් තිබෙන සම්මතයන් දෙකක් විකෘති කිරීම වැරදි බව පෙන්වන්න ලියු දෙයක්. මොනවා කරන්නද, පාට කන්නාඩි ගලවන තාක් ඔහොම තමයි.

:       106       229

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site