නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාශ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීම සඳහාත් සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් ස්ථාපිත කිරීම සඳහාත් ඊයේ (19) සිට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඒ සඳහා පියවර ගැනීමට පොලිස් මූලස්ථානය දැනටමත් උපදෙස් දී ඇතැයි ද ගුණසේකර මහතා අද (20) සඳහන් කළේය.
ඒ අනුව යම් සිදුවීමක් සිදු වූ වහාම පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලයට එම විස්තර ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථාන වෙත ලබා දී ඇතැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.
(055)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.