IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ජනමාධ්‍යවේදීන් සඳහා අරමුදලක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා හදිසි අරමුදලක් ආරම්භ කිරීම කොළඹ මූවන්පික් හෝටලයේදී අද (22) සිදු කෙරුණි.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු ආයතනයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (අයිරෙක්ස්) ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය හවුල්කරුවන්, මාධ්‍ය සංගම්වල උපදෙස් යටතේ මෙම හදිසි අරමුදල ක්‍රියාත්මක වේ.

ජනමාධ්‍ය වෘත්තියේ නිරත වීම නිසා පොලිස් භාරයේ රඳවා ගැනීම, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන් සඳහා නීතිඥ උපදෙස් ලබාගැනීම, පෙනි සිටීම සඳහා නීතිඥ ගාස්තු සැපයීම, ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදී කරුණු මෙම අරමුදලෙන් ආවරණය වේ.

සුදුසුකම් සපුරන මාධ්‍යවේදීන්ට මේ සඳහා අයඳුම්පත් යොමුකළ හැකි අතර පංච පුද්ගල ස්වාධීන තක්සේරු කමිටුවක් මගින් අදාළ නිර්ණය කිරීම් සිදු කෙරේ.

ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (අයිරෙක්ස්) ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී නිකිතා සමරතුංග, එම මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී එම්.සී. රස්මින් සහ ස්වාධීන තක්සේරු කමිටුවේ සභාපති, මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ යන අය මෙහිදි අදහස් දැක්වූහ.

මාධ්‍ය සංවිධානවල නියෝජිතයන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්, හවුල්කරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 

 



අදහස් (1)

ජනමාධ්‍යවේදීන් සඳහා අරමුදලක්

chandima Monday, 22 July 2019 11:27 PM

මාධ්‍යවේදීන්ට අරමුදල්, හාමුදුරුවන්ට රක්ෂණ, පන්සල් වලට විදුලිය, ළමයින්ට කිරිවීදුරු, නිකන් කේතුමතී පුරේ වගේනේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 450 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site