
(සිරංගිකා ලොකුකරවිට)
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කිලෝමීටර 45ක් දුර ගෙවා යාමට සිදුවන අතුරේගෙදර හා පැල්වාඩිය ගම්වාසීන්ට විශේෂ බස් සේවාවක් යොදවන බව නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ ඉහළ මිල්ලව ග්‍රාම නිලධාරී වසමට අයත් මෙම ගම්මානය සඳහා වාහනයක් යා හැකි ප්‍රවේශ මාර්ගය ඇත්තේ බෙලිඅත්ත කුඹුර හරහා පල්ලේගම දක්වාය.
ඔවුන් අයත් ග්‍රාම නිලධාරී වසමේ ඡන්ද මධ්‍යස්ථානය වූ මිල්ලව කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමට නම් මේ ගම්වාසීන් පල්ලේගමින් දෙනියාය හා මොරවක හරහා මිල්ලව දක්වා යා යුතු වේ. මේ සඳහා ඔවුන් කිලෝ මීටර 45ක් පැමිණිය යුතුය.
දෙල්ලව රක්ෂිතය මැද පිහිටා ඇති මේ ගම්මානයට යාම සඳහා තුනී ලෑලි සංස්ථාව විසින් කැලෑ කැපීමට ඉදිකරන ලද පැරණි මාර්ගයක් තිබුණ ද වසර කිහිපයකට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම මාර්ගය වසා දැමිණි. ඒ හේතුවෙන් ගම්වාසීන්ට මිල්ලවට පැමිණීමට සිදුව ඇත්තේ කිලෝ මීටර 4ක් පමණ දුර ගෙවා මහ වනය මැදින් වැටී ඇති අඩි පාරවල් ඔස්සේ පමණි.
මේ නිසා එම ගම්වාසීහු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී දැඩි දුෂ්කරතා අත්විඳිති.
නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා මෙසේ පැවසීය.
''මේ ගමේ ඡන්ද දායකයන් 173ක් ඉන්නවා. ඒ අතර විශේෂ අවශ්‍යතා ඇති අයත් ඉන්නවා. ඔවුන්ට තම ග්‍රාම නිලධාරී වසමට අයත් ඡන්ද මධ්‍යස්ථානයට යාමට කැලේ මැදින් අඩි පාරවල් ඔස්සේ කිලෝ මීටර 4ක් එන්න වෙනවා. වාහනයකින් එනවානම් කිලෝ මීටර 45ක් තියෙනවා. මේ නිසා අපි ලංකා ගමනා ගමන මණ්ඩලය සමග සාකච්ඡා කරලා විශේෂ බස් රථයක් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ගමේ අය කැලේ මැදින් ගිහිල්ලත් ඡන්දය දාන නිසා අවශ්‍යතාව අනුව බස් රථය එක ගමන් වාරයක් හෝ දෙකක් යොදවන්න කටයුතු කරනවා."
ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමාසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා මෙසේ කීවේය.
මෙම ගම්වාසීන්ට වෙනම ඡන්ද පොළක් ලබාදෙන්න ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කළා. නමුත් ඒ සඳහා නීති ප්‍රතිශෝධනය කරන්න වෙනවා. මෙවර මැතිවරණයේ දී ඒ නීතිමය කටයුතු සම්පූර්ණ කරගැනීමට නොහැකි වුණා. ඒ නිසා මහ මැතිවරණයේ දී ඔවුන්ට ඡන්ද පොළට යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. ඉදිරි මැතිවරණයක දී ඔවුන්ට වෙනම ඡන්ද පොළක් පිහිටුවනවා."

2025 දෙසැම්බර් මස 04
554
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
490
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දය දාන්න කිලෝමීටර් 45 ක් යන ගම්වැසියෝ
කුමාර Sunday, 02 August 2020 06:26 AM
72 වසරක පාලනයේ අගය... මේ මිනිස්සු ඔහොම ගිහිල්ලත් මේ කාලකන්නි පාලකයන්ට ඡන්දෙ දීලා ඒවි...
Asanga Sunday, 02 August 2020 07:49 AM
දැන්වත් කල්පනා කරලා වැඩක් කරන කෙනෙක්ට ඡන්දය දුන්නොත් හොඳයි නේද?